බොහෝ දෙනෙක් බලාසිටි විභාගයක ප්‍රතිඵලයක් නිකුත් කරයි..ප්‍රතිඵල මෙතනින් දැනගන්න.

Education
By Aruna Nov 24, 2023 09:27 AM GMT
Aruna

Aruna

Report

2022 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

ඒබව වවිභාග කොමසාරිස් ජනරාල්වරයා මීට සුළු මොහොතකට පෙර දැනුම්දෙනු ලැබුවා.

පහතින් එම ප්‍රතිඵල දැනගැනීමට පිවිසෙන්න.

https://www.doenets.lk/examresults 

බොහෝ දෙනෙක් බලාසිටි විභාගයක ප්‍රතිඵලයක් නිකුත් කරයි..ප්‍රතිඵල මෙතනින් දැනගන්න. | A L Results Connection Results Issue

මේ අතර, 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් භාර ගැනීම 2023 සැප්තැම්බර් 07 වන දින සිට සැප්තැම්බර් 16 සෙනසුරාදා දක්වා විභාග දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කළා.

ඒ අනුව ලැබුණු අයදුම්පත් හරහා පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද දිනයේ නිකුත් කර තිබේ.

මෙහිදී 2022 අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල 2023 වර්ෂයේ සැප්තැම්බර් මස 04 වන සඳුදා නිකුත් කරන ලදී.

විභාගයට පෙනී සිටි සිසුන් 262,933 න් 166,938 ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබුණා.

මේ අතර, මේ දිනවල සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරිම ගැන ද එම විභාගය ලියු දූ දැරියන් දැඩි අපේක්ෂාවෙන් සිටියි.

එවන් පසුබිමක් තුළ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරිම ගැන විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියා සිටියේ, සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස අවසානයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ, මේ දිනවල විභාග ප්‍රතිඵල පරිගණක ගත කිරීමේ කටයුතු සිදු කෙරෙමින් සිටින බවයි.

බොහෝ දෙනෙක් බලාසිටි විභාගයක ප්‍රතිඵලයක් නිකුත් කරයි..ප්‍රතිඵල මෙතනින් දැනගන්න. | A L Results Connection Results Issue

කෙසේ වෙතත්, පසුගියදා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ සඳහන් කළේ, ඉදිරි දින දෙක තුල සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කළ හැකි බවයි.

බොහෝ දෙනෙක් බලාසිටි විභාගයක ප්‍රතිඵලයක් නිකුත් කරයි..ප්‍රතිඵල මෙතනින් දැනගන්න. | A L Results Connection Results Issue

ReeCha