හිටිහැටියේම තෙල් මිල යලි ඉහළට - ඉරානයේ එක තීරණයකින් සියල්ල උඩු යටිකුරු වෙයි

Report

ඉරානය අමෙරිකාව සමඟ පැවැත්වූ සාකච්ඡා අත්හිටුවා ඇති බවට ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කිරීමත් සමඟ, ගෝලීය තෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. ලෝක තෙල් මිල මැනීමේ ප්‍රධාන දර්ශකයක් වන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 97.02 දක්වා, එනම් සියයට 6කින් ඉහළ ගොස් තිබේ.

එමෙන්ම අමෙරිකානු දර්ශකයක් වන වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) තෙල් මිලද සියයට 7.5කින් ඉහළ ගොස්, බැරලයක් ඩොලර් 93.93 දක්වා වාර්තා වී ඇත.

ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක් - ආයේ සුහද සාකච්චා නෑ මිත්‍ර රටවල් එකතු කරන් අපි ගහනවා

ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක් - ආයේ සුහද සාකච්චා නෑ මිත්‍ර රටවල් එකතු කරන් අපි ගහනවා

අමෙරිකාව සහ ඉරානය අතර ගැටුම අවසන් කිරීමට ගිවිසුමක් ඇතිවිය හැකි බවට පැවති අපේක්ෂාවන් හේතුවෙන් පසුගිය මැයි මාසයේදී තෙල් මිල පහළ ගොස් තිබුණි.

නමුත් අද දින සාකච්ඡා නවතා දැමූ බවට වාර්තා වීමෙන් එම බලාපොරොත්තු අඩාල වී ඇත.

විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, තෙල් බැරලයක් ඩොලර් 100ට අඩු මිලක් පවතින්නේ තත්ත්වය හොඳ අතට හැරෙනු ඇතැයි වෙළඳපොළ අපේක්ෂා කරන නිසා බවයි.

ආයෙත් ඉන්ධන මිල වැඩිවීමක්ද? මිල වැඩි කරලත් පාඩු බව තෙල් සංස්ථාව නිවේදනය කරයි

ආයෙත් ඉන්ධන මිල වැඩිවීමක්ද? මිල වැඩි කරලත් පාඩු බව තෙල් සංස්ථාව නිවේදනය කරයි