ජනපති ට්‍රම්ප් විසින් ගත් තීරණ නිසා තෙල් මිලේ වෙනසක් සිදුවෙයිද...

By Piyumika Feb 04, 2025 11:07 AM GMT
Report

ජනපති ට්‍රම්ප් විසින් කැනඩාවට සහ මෙක්සිකෝවට පැනවූ 25%ක තීරුබද්දත් සමග ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළයාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළේය.

ඉතුරු සල්ලි ඉල්ලූ මගියාට කොන්දොස්තර අමුතුම විදිහට ඉතුරු සල්ලි දීලා..

ඉතුරු සල්ලි ඉල්ලූ මගියාට කොන්දොස්තර අමුතුම විදිහට ඉතුරු සල්ලි දීලා..

එහෙත් දීර්ඝ කාලීනව තීරුබදුවල බලපෑමෙන් ගෝලීය ආර්ථික වර්ධනය මන්දගාමී වීම තේල් සඳහා ඉල්ලුම අවදානමට ලක්කරන බැවින් පසුගිය දින කිහිපය තුළ සමස්ථයක් වශයෙන් තෙල් මිල අඩුවීමක් වාර්තා විය.

කැනඩාව සහ මෙක්සිකෝව අමෙරිකා එක්සත් ජනපදයට බොරතෙල් සපයන ප්‍රධාන සැපයුම්කරුවන් දෙදෙනෙකි. කැනඩාව සහ මෙක්සිකෝව සමග අමෙරිකා එක්සත් ජනපදය තාවකාලිකව හෝ එකඟත්වයකට පැමිණීම නිසා තෙල් මිල යම් අන්දමකින් ස්ථාවර වී ඇති බව වෙළෙඳපොළ විශ්ලේශකයන් පෙන්වා දෙයි.

තවත් යටිකූට්ටුවක්ද?.. පාර්ලිමේන්තුවට කෑම ගැනීමේදී රුපියල් අට කෝටියකට වැඩි වවුචරපත් 122කට අදාළව ගෙවීම් තහවුරුවක් ලබාගෙන නෑ..

තවත් යටිකූට්ටුවක්ද?.. පාර්ලිමේන්තුවට කෑම ගැනීමේදී රුපියල් අට කෝටියකට වැඩි වවුචරපත් 122කට අදාළව ගෙවීම් තහවුරුවක් ලබාගෙන නෑ..

මේ අතර අමෙරිකාව විසින් චීනයට පැනවූ 10%ක තීරුබද්ද ක්‍රියාත්මක වීමත් සමග අමෙරිකානු WTI බොරතෙල් මිල 2%කින් පමණ කැපී පෙනෙන ලෙස අද පහත වැටුනි.

ඒ අනුව WTI තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 72කට අඩු මිලකටය. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද 1.2%කින් පහත වැටෙමින් ඩොලර් 75ක් ලෙස සටහන්ව තිබේ. 

You may like this video