සුබම සුබ ආරංචියක් - මන්නාරම ද්‍රෝණියේ කලාප හතරක ඛනිජ තෙල් ගවේෂණ කඩිනමින්
මන්නාරම ද්‍රෝණියේ කලාප හතරක ඛනිජ තෙල් ගවේෂණ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය.
අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ඛනිජ තෙල් ගවේෂණය සම්බන්ධයෙන් කැඳවා ඇති ලංසු එළඹෙන ජනවාරි මාසයේදී විවෘත කෙරෙන බවයි.
මෙන්ඩිස් අරක්කු සමාගමට මොකද වෙන්නේ? මෙන්ඩිස් සමාගමෙන් ලක්ෂ ගාණක් අල්ලස් අරන් - විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් බන්ධනාගාරයට
මීට අමතරව වරායේ සිට කොළොන්නාව දක්වා දිවෙන ඉන්ධන නළ මාර්ග පද්ධතිය නවීකරණය කිරීමට ද පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළේය.
මෙවර අයවැයෙන් ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 2,000ක් වෙන් කර ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ හරහා ජනතාවට ප්රතිලාභ රැසක් හිමිවන බව සඳහන් කළේය.
ඒ අනුව කටුනායක ගුවන්තොටුපළේ ධාරිතාව වැඩි කිරීමට මුදල් වෙන් කර ඇති අතර, අධිවේගී මාර්ග සහ ගුවන් පාලම් රැසක් ඉදිකිරීමට ද කටයුතු කෙරේ.
තවද, විද්‍යුත් දුම්රිය මාර්ග තුනක් ඉදිකිරීම සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කර ඇති බවත්, බදු සම්බන්ධයෙන් සහන ලබාදෙමින් මිලියන 18ක්ව පැවති බදු සීමාව මිලියන 19 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා වැඩිදුරටත් පැවසීය.