වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියකගේ මාස තුනක බිලිඳිය මරුට - මරණය ගැන වාර්තාවක් කැඳවයි

Report

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රඳවා සිටි කාන්තා රැඳවියකගේ මාස තුනක් වයසැති බිලිඳියක් මියගොස් තිබේ. මව්කිරි පිට උගුරේ යාම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් බන්ධනාගාර කොමසාරිස්වරයා හරහා කැඳවීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පියවර ගෙන තිබේ.

මෙම අවාසනාවන්ත සිදුවීමට අදාළව අවශ්‍ය මැදිහත්වීම් සිදු කරන ලෙසත්, මෙවැනි අනතුරුදායක තත්ත්වයන් සහ දරුවන් අසරණභාවයට පත්වීම වැළැක්වීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශයට සහ පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට විශේෂ උපදෙස් ලබාදී ඇත.

ආයෙත් මාස්ක් දාගෙන පාරට බහින්න වෙයිද? - වායු දූෂණය ඉහළ යාමෙන් විශේෂ දැනුම්දීමක්

ආයෙත් මාස්ක් දාගෙන පාරට බහින්න වෙයිද? - වායු දූෂණය ඉහළ යාමෙන් විශේෂ දැනුම්දීමක්

2027 අයවැයෙන් මේ ආධාර මුදල රුපියල් ලක්ෂ 15 දක්වා ඉහළට

2027 අයවැයෙන් මේ ආධාර මුදල රුපියල් ලක්ෂ 15 දක්වා ඉහළට