අසරණකම විකුණන් කන සමාජ මාධ්‍ය චරිත ගැන බොලිවුඩ් නළු ශරද් කපූර් හෙළි කළ අමිහිරි ඇත්ත – "වීඩියෝ කරලා සල්ලි අතට දීලා, පස්සේ ආපහු අරන් ගියා!" – "වීඩියෝ කරලා සල්ලි අතට දීලා, පස්සේ ආපහු අරන් ගියා!"

Report

ආර්ථික හා සෞඛ්‍ය ගැටලු හේතුවෙන් අසීරු තත්ත්වයක පසුවන ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී ෂරාද් කපූර් (Sharad Kapoor) තමන් මුහුණදුන් අප්‍රසන්න අත්දැකීමක් පිළිබඳව අනාවරණය කර තිබේ.

තමන්ට උපකාර කරන බව පවසමින් පැමිණි ඇතැම් පුද්ගලයන් මුදල් ලබාදෙන ආකාරය වීඩියෝගත කර, පසුව එම මුදල් නැවත රැගෙන ගිය බවට ඔහු චෝදනා කරයි. ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වූ 'Josh' චිත්‍රපටය හරහා ජනප්‍රියත්වයට පත් ෂරාද් කපූර්, පසුගියදා බොලිවුඩ් සිනමා ක්ෂේත්‍රයෙන් ඉල්ලා සිටියේ තමන්ට නැවතත් රංගන අවස්ථා ලබාදීමට කටයුතු කරන ලෙසයි. ව

සර දෙක තුනක පමණ කාලයක් සෞඛ්‍ය ගැටලු හේතුවෙන් රංගන කටයුතුවලින් ඈත්ව සිටි ඔහු, එම ඉල්ලීම සිදුකරමින් තමන් මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා පිළිබඳව ද හෙළි කර තිබුණි.

කෙසේ වෙතත්, එම ඉල්ලීමෙන් අනතුරුව තමන් හමුවීමට පැමිණි ඇතැම් පුද්ගලයන් උපකාර කරන මුවාවෙන් සමාජ මාධ්‍ය සඳහා වීඩියෝ නිර්මාණය කිරීමට කටයුතු කර ඇති බව ඔහු පවසයි. එහිදී තමන්ගේ අතට මුදල් ලබාදී ඒවා වීඩියෝගත කිරීමෙන් පසු නැවත ලබාගත් බවත්, මෙවැනි ක්‍රියා තමන්ට සිදුකරන දැඩි අගෞරවයක් බවත් ෂරාද් කපූර් චෝදනා කර තිබේ.

මේ අතර, ඔහුගේ සමීප හිතවතියක වන හේමා චෞද්රි ද මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කර ඇත. ෂරාද් කපූර් මුහුණ දී සිටින අසීරු තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ප්‍රසිද්ධිය ලබාගැනීමට උත්සාහ කරන බව ඇය පෙන්වා දී තිබේ.

ඔහුට මේ මොහොතේ අවශ්‍ය වන්නේ ප්‍රචාරණය නොව වෛද්‍ය ප්‍රතිකාර, පෞද්ගලිකත්වය සහ සැබෑ උපකාර බව ද ඇය අවධාරණය කර ඇත. මේ අතර, ජනප්‍රිය රංගන ශිල්පී සෝනු සූද් ද ෂරාද් කපූර් හමුවී ඔහුට සහාය දැක්වීමට ඉදිරිපත්ව තිබීම විශේෂත්වයකි. තමන්ට සැබෑ ලෙසම උපකාර කිරීමට ඉදිරිපත් වූ රසිකයන්ට සහ සිනමා ක්ෂේත්‍රයේ හිතවතුන්ට ස්තූතිය පළ කර ඇති ෂරාද් කපූර්, ඉදිරියේදී අනවශ්‍ය හමුවීම්වලින් වැළකී සිටීමට තීරණය කර ඇති බව ද සඳහන් කර තිබේ.

එමෙන්ම, තමන් වෙනුවෙන් මුදල් එකතු කරන බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ව්‍යාජ ඉල්ලීම්වලට හසු නොවන ලෙස ඔහුට සහාය දක්වන සුබසාධන සංවිධානය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

නැගී එන ආසියානු කුසලානයට යන්න කලින් අම්මාගේ ආශිර්වාදය ගත් පවන් රත්නායක - හදවතට දැනෙන සංවේදී මොහොතක්

නැගී එන ආසියානු කුසලානයට යන්න කලින් අම්මාගේ ආශිර්වාදය ගත් පවන් රත්නායක - හදවතට දැනෙන සංවේදී මොහොතක්

එහිදී අදහස් දැක්වූ ඔහු මෙසේ සඳහන් කළේය.

"ඔබ මට ලබාදී ඇති ආදරය සහ සහයෝගය මට සිතාගත නොහැකි තරම් විශාලයි. නමුත් සමාජ මාධ්‍යවල බොහෝ වැරදි තොරතුරු ප්‍රචාරය වෙනවා.

ඇතැම් අය මගේ අතට මුදල් ලබාදෙනවා. නමුත් කවුරුන් කුමක් කරන්නේද යන්න මට තේරුම් ගැනීමට අපහසුයි. ඇත්තටම සිදුවන්නේ කුමක්ද කියලා මටවත් පැහැදිලි නැහැ."