මෙන්ඩිස් අරක්කු සමාගමට මොකද වෙන්නේ? මෙන්ඩිස් සමාගමෙන් ලක්ෂ ගාණක් අල්ලස් අරන් - විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් බන්ධනාගාරයට

Report

මෙන්ඩිස් අරක්කු සමාගමෙන් රුපියල් ලක්ෂ 210ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයා ලබන 01 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම නියෝග කර ඇත.

කළුතර සහ අලුත්ගම සුරාබදු අධිකාරී ලෙස කටයුතු කළ විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයෙකු වන චන්න ජයනාත් අල්විස් වීරක්කොඩි සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව මෙලෙස නියෝග කළ අතර එලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේය.

කහ ගෑස් වලට දරුණු පහරක් - ලාෆ්ස් ගෑස් සමාගමට කොළඹ කොටස් වෙළඳපොළෙන් දැඬි තීරණයක්

කහ ගෑස් වලට දරුණු පහරක් - ලාෆ්ස් ගෑස් සමාගමට කොළඹ කොටස් වෙළඳපොළෙන් දැඬි තීරණයක්

සැකකරුගේ ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් විසින් ප්‍රතික්ෂේප කළ අතර සැකකරුගේ පවුලේ සමීප ඥාතීන්ගෙන් හා මෙන්ඩිස් සමාගමේ හිටපු බලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සහ තවදුරටත් විමර්ශන සිදු කරන බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කළේය.

අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකරු 2015 සහ 2016 වර්ෂවලදී චෙක්පත් පහළොවක් මගින් අදාල අල්ලස් මුදල් ලබාගෙන ඇති බවය.

දිවයින පුරා සියලුම පාසල් සඳහා විශේෂ නිවේදනයක් - ගුරුභවතුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන් විශේෂ දැනුම්දීමක්

දිවයින පුරා සියලුම පාසල් සඳහා විශේෂ නිවේදනයක් - ගුරුභවතුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන් විශේෂ දැනුම්දීමක්

මෙන්ඩිස් සමාගම නීත්‍යානුකූලව රජයට ගෙවිය යුතු බදු මුදල් අඩු කර පෙන්වීම සඳහා මෙම අල්ලස් මුදල් ලබාගෙන ඇති බවද පැවසුවා. මහා බැංකු බැඳුම්කර වංචාවට අදාළව පර්පචුවල් ට්‍රෙසරිස් සමාගමේ ගිණුම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂා කිරීමේදී එම සමාගමට අනුබද්ධ මෙන්ඩිස් සමාගම මගින් අදාල චෙක් පත් සුරාබදු කොමසාරිස්වරයාට ලබා දී ඇති බවට කරුණු අනාවරණය වීමෙන් පසුව එම දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ පොලිස් අධිකාරිය විසින් 2025දී අල්ලස් කොමිසමට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවත් , මුදල් විශුද්ධිකරණ පනත යටතේ තවදුරටත් විමර්ශන සිදු කරන බැවින් සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසත් අල්ලස් කොමිසම වැඩිදුරටත් ඉල්ලා සිටියා.

ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් වලට මොකද වෙන්නේ? වැටුප් විෂමතා ගැන සාකච්ඡාව මෙන්න

ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් වලට මොකද වෙන්නේ? වැටුප් විෂමතා ගැන සාකච්ඡාව මෙන්න

සැකකරු වෙනුවෙන් නීතිඥ සංජය මාරබේ සමග පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අශෝක වීරසූරිය අධිකරණයට කරුණු දක්වමින් සැකකරුගේ දියණිය දැඩි රෝගී තත්ත්වයෙන් පසුවන බැවින් හා සැකකරුට විමර්ශන සඳහා බලපෑම් කළ නොහැකි බැවින් එය සුවිශේෂී කරුණු ලෙස සලකා ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියා. දෙපර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන අවසන් නොමැති බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු ලබන01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර විමර්ශන ප්‍රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට දන්වා සිටියා.