පෙට්‍රල් ලබාදීම ඇරඹේ..වැඩේ වෙන්නෙ මෙහෙමයි..
Ceylon Petroleum Corporation
Sri Lanka
Lanka IOC
By Aruna
වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC ඉන්ධන පිරවුම්හල්වල ඇති වාහනවල ඉන්ධන ටැංකි වලට සෘජුවම පෙට්‍රල් සපයනු ලබන බව ලංකා IOC විසින් අද (20) දින නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.
ලංකා IOC ඉන්ධන පිරවුම්හල්වලින් ටින්, බහාලුම් හෝ බෝතල්වලට පෙට්‍රල් ලබා නොදෙන බවද පැවසේ.
මහජනතාවගේ සහ දේපළවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙය තීරණය ගෙන ඇති බව ලංකා IOC වැඩිදුරටත් පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |