ආහාර පිසීමේ නැකත උදාවෙයි
උදාවූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ වැදගත්ම චාරිත්‍ර කිහිපයක් අද (14) දිනයේ ඉටු කිරීමට නියමිතව තිබේ.
නැකත් සීට්ටුවට අනුව ආහාර පිසීමේ නැකත පූර්වභාග 10.51 ට යෙදී ඇති අතර, රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා කිරිබත් සහ කැවිලි පිළියෙළ කිරීම මෙහිදී සිදු කෙරේ.
අනතුරුව වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය අපරභාග 12.06 ට යෙදෙන සුබ මොහොතින් සිදු කළ යුතුය.
හෙට (15) පෙරවරුවේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කිරීමට නියමිත අතර, රැකී රක්ෂා සඳහා පිටත්ව යාම සහ අප්‍රේල් 23 වනදාට යෙදී ඇති පැළ සිටුවීමේ නැකත දක්වා ඉදිරි චාරිත්‍ර පෙළගැස්ම නැකත් සීට්ටුවේ සවිස්තරාත්මකව දක්වා ඇත.