නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑලට

Report

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (16) තැපෑල වෙත බාරදීමට නියමිත බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, අප්‍රේල් 20 වැනිදා විශේෂ බෙදාහැරීමේ දිනයක් ලෙස යොදා ඇති බවයි.

දේශපාලන පක්ෂ වෙත මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

දේශපාලන පක්ෂ වෙත මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ තැපැල්පති රුවන් සත්කුමාර මහතා,

"අද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා භාරදීම ආරම්භ වෙනවා. මේවා දිස්ත්‍රික්ක මට්ටමින් ලැබෙන අතර, සෑම නිවසකටම බෙදාහැරීමට අප්‍රේල් 29 වන තුරු කාලය තිබෙනවා. අප්‍රේල් 20 විශේෂ බෙදාහැරීමේ දිනයක් ලෙස නම් කර ඇති නිසා, මෙම ලියවිලි ගෙදර සිටින අයෙකුට අත්සන් කර භාරදිය යුතු වැදගත් ලියවිලි බව මතක තබා ගන්න. ගෙදර සිටින කෙනෙකු අත්සන් කර භාරගැනීමට සූදානමින් රැඳී සිටින ලෙස ඉල්ලනවා. එසේම, අප්‍රේල් 29න් පසු බෙදාහැරීමට නොහැකි වූ පත්‍රිකා ඇත්නම්, ඒවා ආසන්න තැපැල් කාර්යාලයෙන් තම අනන්‍යතාවය තහවුරු කර ලබාගත හැකියි." 

රට කාලා රටින් පලා ගිය ගෝඨාගේ සෙනෙහස (PHOTOS)

රට කාලා රටින් පලා ගිය ගෝඨාගේ සෙනෙහස (PHOTOS)

පිල්ලෙයාන් සමග කළ සාකච්ඡාව ගැන ගම්මන්පිළ විසින් අද විශේෂ මාධ්‍ය හමුවක්

පිල්ලෙයාන් සමග කළ සාකච්ඡාව ගැන ගම්මන්පිළ විසින් අද විශේෂ මාධ්‍ය හමුවක්