රටම අනතුරේ - අධික වර්ෂාව නිසා දිස්ත්‍රික්ක 16ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 66ක් පීඩාවට - ආපදා මරණ 2 ක්

Report

දිවයිනට බලපා ඇති සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය සහ අධික වර්ෂාව නිසා දිස්ත්‍රික්ක 16ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 66ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම තත්ත්ව වාර්තාවේ සඳහන් වේ.

ඒ අනුව සැප්තැම්බර් මස 01 වැනි දින සිට අද (20) සවස 06.00 දක්වා වාර්තා වූ දත්තවලට අනුව, මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 1,138කට අයත් පුද්ගලයින් 5,074ක් විපතට පත්ව ඇති බව සඳහන්.

එමෙන්ම මේ වන විට ආපදා හේතුවෙන් දිවයින පුරා සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 2ක් වේ.

අද (20) පෙරවරුවේ කළුතර අගලවත්ත ප්‍රදේශයේ දී අකුණු සැර වැදීම හේතුවෙන් 15 හැවිරිදි පිරිම දරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පිරිමි දරුවෙක් තුවාල ලබා පිඹුර රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පැයකට පෙර ලංකාවටම දැනුවත් කිරීමක් - අද හෙට සහ අනිද්දා වෙන්න යන දේ - බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී ගැඹුරු පීඩන අවපාතයක්

පැයකට පෙර ලංකාවටම දැනුවත් කිරීමක් - අද හෙට සහ අනිද්දා වෙන්න යන දේ - බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී ගැඹුරු පීඩන අවපාතයක්

එසේම මීට පෙර ඉකුත් 13 වනදා ද අකුණු සැර වැදීම නිසා අනුරාධපුර කහටගස්දිගිලිය ප්‍රදේශයේ 41 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ඊට අමතරව, අකුණු සැර වැදීමෙන් තවත් පුද්ගලයින් 2 දෙනෙකු තුවාල ලබා තිබෙන අතර, නිවාස 3ක් සම්පූර්ණයෙන් සහ නිවාස 183ක් අර්ධ ලෙස හානි වී ඇත.

මේ අතර පවතින අධික වර්ෂාවත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් මහනුවර (පස්බාගේ කෝරලේ), කෑගල්ල (දෙහිඕවිට, අරණායක, දැරණියගල, මාවනැල්ල, යටියන්තොට) සහ නුවරඑළිය (කොත්මලේ බටහිර/නැගෙනහිර, අඹගමුව, නෝර්වුඩ්) යන ප්‍රදේශවලට රතු නිවේදන (ඉවත් වීමේ නිවේදන) නිකුත් කර ඇත.

හෙට සියලු පාසල් වසයිද? අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින සියලුම දිස්ත්‍රික්කවල පාසල් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

හෙට සියලු පාසල් වසයිද? අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින සියලුම දිස්ත්‍රික්කවල පාසල් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

එමෙන්ම කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා ද නායයෑම් අවදානම් මට්ටම් (කහ සහ ඇම්බර් වර්ණවලින්) යටතේ විමසිලිමත් වන ලෙස දන්වා තිබෙනවා.

ප්‍රධාන ගංගා ආශ්‍රිත ජල මට්ටම් මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබුණ ද, ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු 2ක් අඟල් 12 බැඟින් තවදුරටත් විවෘත කර ඇති බව ද සඳහන්.

මේ අතර, එල්-නිනෝ බලපෑම නිසා දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 39ක පවුල් 51,959කට අයත් පුද්ගලයින් 169,071ක් පානීය ජල හිඟයෙන් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ සඳහා අදාළ ප්‍රදේශ 39 තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන ලෙස පවුල් 43,378කට අධික සංඛ්‍යාවක් වෙනුවෙන් මේ වන විට පානීය ජලය ටැක්ටර් මඟින් බෙදා හැරීමට පියවර ගෙන තිබෙනවා.

හදිසි තත්ත්වයක් - රට තුළ ගංවතුර තත්ත්වයක් - ජනතාවට හා රියදුරන්ට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

හදිසි තත්ත්වයක් - රට තුළ ගංවතුර තත්ත්වයක් - ජනතාවට හා රියදුරන්ට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

එසේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවත්ය.

ඊට අමතරව ඌව සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම මුලතිව්, වවුනියා සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබෙන බැවින්, එළිමහනේ ගැවසීමේදී සහ ගමන් බිමන් යෑමේදී දැඩි සැලකිලිමත් වන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ලියපු ගුරු විභාගයේ ප්‍රතිඵල ආපු ගමන් සේවයට බඳවා ගන්නේ මේ අයව විතරයි - ගුරුවරු බඳවාගැනීම විද්‍යාත්මක ක්‍රමවේදයකට සිදුකරන බව කියයි

ලියපු ගුරු විභාගයේ ප්‍රතිඵල ආපු ගමන් සේවයට බඳවා ගන්නේ මේ අයව විතරයි - ගුරුවරු බඳවාගැනීම විද්‍යාත්මක ක්‍රමවේදයකට සිදුකරන බව කියයි