පිල්ලෙයාන් සමග කළ සාකච්ඡාව ගැන ගම්මන්පිළ විසින් අද විශේෂ මාධ්‍ය හමුවක්

Pillayan Sivanesathurai Santhirakanthan Udaya Gammanpila Law and Order Sinhala news
By Shehan Apr 16, 2025 12:01 AM GMT
Shehan

Shehan

Report

හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් සමඟ ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ උදය ගම්මන්පිළ මහතා සාකච්ඡා කර ඇත.

පෙරේදා (13) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති බව වාර්තා වේ.

ඇතුලේ ඉන්න පිල්ලෙයාන්ට කෝල් කරන්න හැදූ රනිල්ට වෙච්චදේ

ඇතුලේ ඉන්න පිල්ලෙයාන්ට කෝල් කරන්න හැදූ රනිල්ට වෙච්චදේ

මේ සම්බන්ධයෙන් දසත ප්‍රවෘත්ති විසින් ගම්මන්පිළ මහතාගෙන් කළ විමසීමකදී, ඔහු පැවසුවේ මෙම සාකච්ඡාව පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවක් අද (16) පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

පසුගියදා පිල්ලෙයාන් මඩකලපුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මට අපහාස කරන්න එපා.. චතුරංගගෙන් CCIDයට පැමිණිල්ලක්

මට අපහාස කරන්න එපා.. චතුරංගගෙන් CCIDයට පැමිණිල්ලක්

එය පෙර රජයන් යටතේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා අතුරුදන් කිරීම ඇතුළු පුද්ගලයින් පැහැර ගැනීමේ චෝදනා සම්බන්ධ විමර්ශනවලට අදාළවය.

කෙසේ වුවද, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිල්ලෙයාන් සමඟ දුරකථනයෙන් සම්බන්ධ වීමට උත්සාහ කළ ද, එය සාර්ථක වූයේ නැත.

රට පුරා විදුලිය ඇණහිටීමේ අවදානමක්.. වහා ක‍්‍රියාත්මක වන්න.. - ලංවිම යළි කියයි

රට පුරා විදුලිය ඇණහිටීමේ අවදානමක්.. වහා ක‍්‍රියාත්මක වන්න.. - ලංවිම යළි කියයි

ReeCha