මීට පස්සේ මේ විදිහට සිරිපාදේ යන්න බෑ - අවාරේ සිරිපා යන අයට විශේෂ දැනුම්දීමක්
වනජිවි සංරක්ෂන දෙපාර්තමේන්තුවේ දැනුම් දිම මත මෙම වර්ෂයේ අවාරයේ සිරිපා නැගිමට අවසර ඇත්තේ නල්ලතන්නිය හැටන් හා රත්නපුර ශ්‍රි පලාබද්දල මාර්ගයෙන් පමණක් බව වාර්තා වේ.
ඒ අනුව එම දැනුම්දිම මත කුරුවිට එරත්න, දෙහෙනකන්ද මුක්කුවත්ත, දැරනියගල උඩමාලිබොඩ, මරේවත්ත සදගලතැන්න යන මාර්ගවලින් ගමන් කිරිම සපුරා තහනම් බව සඳහන්.
එසේම අවාරයේ සිරිපා නැගිම සදහා නල්ලතන්නිය වනජිවි කාර්යාලයෙන් හෝ ශ්‍රිපලාබද්දල වනජිවි කාර්යාලවලින් ප්‍රවේශ පත්‍ර ලබාගත යුතු බවත් වලංගු ප්‍රවේශ පත් නොමැතිව ගමන් කිරිම දඩුවම් ලැබිය හැකි වරදක් බවත් එහි සදහන් කර ඇති බව පවසයි.
තවද දේශිය සංචාරයකු සදහා තනි පුද්ගලයකු හෝ දස දෙනකු දක්වා කණ්ඩායමක් සදහා රුපියල් දහසක් වන අතර දස දෙනකුට වැඩිනම් වැඩිවන අතිරේක සෑම පුද්ලයකුටම රුපියල් සියය බැගින් ගෙවිය යුතු බවද දන්වා ඇති බව වාර්තා වේ.
ඒ අනුව දෙදෙනකු හෝ ඊට වැඩි පිරිසක් ගමන් යන්නේ නම් ඔවුන්ගේ සම්පුර්ණ නම්, ලිපිනයන්, ජාතික හැදුනුම් පත් අංක, දුරකථන අංක ලේඛනයක් වශයෙන් ලබා දිමට පියවර ගත යුතු අතර තනි පුද්ගලයෙක් නම් එම තොරතුරු අඳාළ කවුන්ටරයට ලබා දිමටද පියවර ගත හැකි බව සඳහන්.
ඊට අමතරව මෙම සිරිපා ගමනේදි මත්පැන්, මත් ද්‍රව්‍ය, හා දුම්වැටි සම්පුර්ණයෙන් තහනම් බවත් එම ද්‍රව්‍ය රැගෙන යාම හෝ භාවිතා කිරිම සම්බන්දයෙන් නිතිමය ක්‍රියා මාර්ග ගනු ඇති බවත් දන්වා තිබෙනවා.
ඊට අමතරව අවාරයේ සිරිපා සංචාරය කිරිමට පෙර නිසි අවසර හා ප්‍රවේශ පත්‍ර ලබා ගෙන පරිසරයට හානි නොවන අයුරින් වගකිමෙන් හැසිරිය යුතු බවත් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අංක 0457284867 යන දුරකථනයෙන් දැන ගත හැකි බවත් ශ්‍රි පලාබද්දල අඩවි ආරක්ෂක කාර්යාලය මඟින් දන්වා ඇති බව සඳහන්.