ඉන්ධන මිල අඩු නොකරන්නැයි මේ සමාගම් රජයට කියලා.. උඩු දුවන තෙල් ප්‍රශ්න මැද බරපතළ චෝදනාවක් [VIDEO]

Report

ලංකාවේ ඉන්ධන වෙළඳාමේ නිරත පෞද්ගලික සමාගම් මඟින් ඉන්ධන මිල අඩු නොකරන ලෙස රජයට දන්වා ඇති බවට ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව ඔහු පෙන්වා දී ඇත්තේ රජය මඟින් ලබා දෙන බවට පොරොන්දු වූ සහනයන් හෝ සාධාරණය මෙතෙක් ඉටු කර නොමැති වීම නිසා එම සමාගම් මෙම ස්ථාවරයේ පසුවන බවයි.

එමෙන්ම රජයේ පාර්ශවයෙන් ඉන්ධන මිල සම්බන්ධව පරස්පර අදහස් පළ වන බවට ආනන්ද පාලිත මහතා සඳහන් කරන්නේ, සභානායක බිමල් රත්නායක මහතා අගෝස්තු සහ සැප්තැම්බර් මාස වන විට මිල අඩු කරන බව පැවසූ බවයි.

ආයේ තෙල් ගහන්න QR ඕනේ නැද්ද? තීරණය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ප්‍රකශයක්

ආයේ තෙල් ගහන්න QR ඕනේ නැද්ද? තීරණය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ප්‍රකශයක්

එසේ වුවත් අග්‍රාමාත්‍යවරිය මෙය තෙල් කඩයක් නොවන බවත්, දැනට පවතින්නේ වැඩි මිලට ලබාගත් පැරණි තොග බවත් සඳහන් කළ පවසයි.

ඒ අනුව අග්‍රාමාත්‍යවරිය කී බව කියන අඳාළ ප්‍රකාශය ඔහු දැඩිව විවේචනය කරන්නේ පසුගිය මාර්තු මාසයේදී ඉන්ධන මිල හතර වතාවක් ඉහළ දැමූ අවස්ථාවේදී රජය ක්‍රියා කළේ තෙල් කඩයක ආකාරයෙන් දැයි ප්‍රශ්න කරමින්.

එමෙන්ම ඔහු වැඩිදුරටත් වත්මන් වෙළඳපොළ තත්ත්වය අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 6කින් පමණ අඩු කිරීමේ හැකියාව පවතින බව අවධාරණය කළ බව සඳහන්.

විශේෂ දැනුම්දීමක් මේ අය අනිවාර්යයෙන් ලියාපදිංචි වෙන්න - ජූලි 01 දා සිට දිවයින පුරා ක්‍රියාත්මකයි

විශේෂ දැනුම්දීමක් මේ අය අනිවාර්යයෙන් ලියාපදිංචි වෙන්න - ජූලි 01 දා සිට දිවයින පුරා ක්‍රියාත්මකයි

සියලු රාජ්‍ය ආයතන සහ පාසල් ආවරණය වන පරිදි චක්‍රලේඛ.. ජූනි 24, 25 සහ 26 යන තෙදින තුළ දිවයින පුරා කරන්න යන දේ මෙන්න

සියලු රාජ්‍ය ආයතන සහ පාසල් ආවරණය වන පරිදි චක්‍රලේඛ.. ජූනි 24, 25 සහ 26 යන තෙදින තුළ දිවයින පුරා කරන්න යන දේ මෙන්න

අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,