ආසියානු සංවර්ධන බැංකුවෙන් විදුලිබල ක්ෂේත්‍රයට නව ණය මුදලක්...

By Parami Dissanayake Aug 06, 2024 05:40 PM GMT
Report

ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ මූල්‍ය තිරසාරභාවය ඉහළ නැංවීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම සහ පහසුකම් සැලසීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 100ක ණය මුදලක් අනුමත කර තිබෙනවා.

ඒ අනුව, පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය ඉහළ නැංවීම සහ විදුලිබල ජාල නවීකරණය කිරීම සඳහා මෙම මුදල උපකාරී වනු ඇත.

[BHXFHE

එමෙන්ම, ආසියානු සංවර්ධන බැංකුව පවසන්නේ, මෙම වැඩසටහන මගින් විදුලිබල පනත යටතේ හඳුන්වා දී ඇති ආයතනික හා නියාමන ප්‍රතිසංස්කරණ ඇතුළුව විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සහ විදුලිබල ක්ෂේත්‍රයේ මෙහෙයුම් තිරසාරභාවය වැඩිදියුණු කිරීමට සහාය වනු ඇති බව ය.

පුනර්ජනනීය බලශක්තිය සඳහා වන ආයෝජන වේගවත් කිරීමට උපකාර කිරීම සඳහා, 2023-2030 සඳහා පුනර්ජනනීය බලශක්ති ව්‍යාප්ති සැලසුම් යටතේ බහු මුලපිරීම් සඳහා මෙම වැඩසටහන සහාය වනු ඇති බවද සඳහන් වේ.