O/L ප්‍රතිඵල ලබන සතියේ එනවා - නියෝජ්‍ය ඇමතිගෙන් හදිසි නිවේදනයක්

Report

2025 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න පවසයි.

ඔහු සඳහන් කළේ අපේක්ෂකයින්ගේ තොරතුරු යාවත්කාලීන කිරීම හා අවසන් කිරීමේ ක්‍රියාවලිය මේ වන විට අවසන් අදියරේ පවතින බවයි.

ජුනි 15 වන දින ප්‍රතිඵල නිකුත් කිරීමට මීට පෙර අපේක්ෂා කළද එය ප්‍රමාද විය හැකි බවට වාර්තා පළවෙමින් තිබියදී මෙම නව දැනුම්දීම නිකුත් වී ඇත.

ලංකාවට එන්න තියෙන ලොකුම කාලගුණ අනතුර මෙන්න - අග්‍රාමාත්‍යගෙන් රටටම හදිසි නිවේදනයක්

ලංකාවට එන්න තියෙන ලොකුම කාලගුණ අනතුර මෙන්න - අග්‍රාමාත්‍යගෙන් රටටම හදිසි නිවේදනයක්

මේ අතර, විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකුද සඳහන් කර ඇත්තේ ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතින අතර ඒවා මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බවයි. දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරන්නේ ඉදිරි සති දෙක තුළ ප්‍රතිඵල නිකුත් කළ හැකි බවයි.

2025 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පෙබරවාරි 17 සිට 26 දක්වා දිවයින පුරා පැවැත්වුණු අතර, ඒ සඳහා අපේක්ෂකයින් 451,463 දෙනෙකු පෙනී සිට ඇත.

ප්‍රතිඵල නිකුත් කළ පසු විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා ඒවා පරීක්ෂා කළ හැකි බවද වාර්තා වේ.

කෝවිඩ් වලට පස්සේ ලෝකයට එන ඊළඟ මාරක වෛරසය.. කුරුල්ලන් පිට පිට මියයන "උසුටු" වෛරසය ගැන සෞඛ්‍ය අංශවලින් හදිසි අනතුරු ඇඟවීමක්

කෝවිඩ් වලට පස්සේ ලෝකයට එන ඊළඟ මාරක වෛරසය.. කුරුල්ලන් පිට පිට මියයන "උසුටු" වෛරසය ගැන සෞඛ්‍ය අංශවලින් හදිසි අනතුරු ඇඟවීමක්