ගුරු සේවයේ විශාල වෙනසක් සමඟ විද්‍යාපීඨ 19 ම එකක් කරයි. - කැබිනට්ටුවටත් ගිහින්.

Ministry of Education A D Susil Premajayantha Sri Lankan Schools Education Teachers
By Wayomi Sep 05, 2024 08:35 AM GMT
Wayomi

Wayomi

Report

ගුරු සේවයේ කාර්යක්ෂමතා කඩයිම් පරීක්ෂණ සඳහා පවතින මොඩ්‍යුලර් ක්‍රමවේදය වෙනුවට ගුරු ව්‍යවස්ථාව සංශෝධනය කර සරල විභාගයක් සහිත සාධනීය ක්‍රමවේදයක් රාජ්‍ය සේවා කොමිසමේ එකගතාවයෙන් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය අචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඊයේ(04) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ මූලික වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කෙරේ. - තනතුරට අනුව වැඩි වන පිළිවෙල මෙන්න.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ මූලික වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කෙරේ. - තනතුරට අනුව වැඩි වන පිළිවෙල මෙන්න.


එහිදී ඔහු සඳහන් කළේ, මොඩ්‍යුලර් ක්‍රමය හඳුන්වා දී කලක් ගත වුවත් ගුරු මධ්‍යස්ථානවල පැවති සම්පත්දායක හිඟය වැනි විවිධ හේතු මත නිසි කලට අදාළ පරීක්ෂණ සිදු නොකිරීමෙන් එම විභාගවලට පෙනී සිට සමත් වීමට නොහැකි වීම නිසා ගුරුවරුන් විශාල පිරිසකට අදාළ වැටුප් වර්ධක හා උසස්වීම් ලබාගැනීම ප්‍රමාද වී ඇති බවත් ඒ අනුව වෘත්තීය සමිති සමග ද සාකච්ඡා කර ගුරු ව්‍යවස්ථාව සංශෝධනය කර මොඩ්‍යුලර් ක්‍රමය වෙනුවට මෙලෙස සරල විභාගයක් පවත්වා එම අවශ්‍යතාවෙන් ගුරුවරුන් නිදහස් කිරීමට කටයුතු කරන බවයි.

වැඩි වූ පඩියත් සමඟ රාජ්‍ය සේවකයින්ටත් - විශ්‍රාමිකයින්ටත් රක්ෂණයක්. - එය ලැබෙන්නේ මේ විදිහට.

වැඩි වූ පඩියත් සමඟ රාජ්‍ය සේවකයින්ටත් - විශ්‍රාමිකයින්ටත් රක්ෂණයක්. - එය ලැබෙන්නේ මේ විදිහට.


එමෙන්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, විවිධ වර්ෂවල දී සංවර්ධන නිලධාරීන් ලෙස බඳවාගත් උපාධිධාරීන් 16,000ක් පමණ වසර 5ක් හෝ ඊට වැඩි කාලයක් ගුරුවරුන් ලෙස පාසල්වල සේවය කරමින් ගුරු හිඟය මගහරවා ගැනීමට කටයුතු කර ඇති බවත් මේ සම්බන්ධ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිරීක්ෂණ පිළිබඳ අමාත්‍ය මණ්ඩලය තුළ සාකච්ඡා වූ අතර ඔවුන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ කිසි දු විරෝධයක් පළ නොවූ බවත් ය.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාව මේ සඳහා ලබාගත යුතු ව ඇති බවත් සතියක කාලයක් තුළ එම එකඟතාව ලබාගෙන ඔවුන් ගුරු අභ්‍යාසලාභීන් ලෙස බඳවාගෙන ගුරු සේවයට අන්තර්ග්‍රහණය කළ හැකි වනු ඇතැයි ද සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහි දී ප්‍රකාශ කළේ ය.

රාජ්‍ය සේවකයින්ගේ වාහන පර්මිට් ගැන විශේෂ දැනුම්දීමක්. - නියත වශයෙන්ම එය ලැබෙන්නේ මෙහෙමයි.

රාජ්‍ය සේවකයින්ගේ වාහන පර්මිට් ගැන විශේෂ දැනුම්දීමක්. - නියත වශයෙන්ම එය ලැබෙන්නේ මෙහෙමයි.


අධ්‍යාපන විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ විද්‍යාපීඨ 19 ම ඒකාබද්ධ කර අධ්‍යාපන විශ්වවිද්‍යාලය පිහිටවීමේ අවසන් කෙටුම්පත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත් ලබන සතිය වන විට එම කටයුතු ද නිරවුල් වී එය ලද පසු කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීමට කටයුතු කරන බවත් අනතුරුව එම කෙටුම්පත කැබිනට් මණ්ඩලය වෙත යොමුකර අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවයි.   

ජනවාරි සිට රාජ්‍ය සේවකයින්ගේ රැකියාව සහ තනතුර අනුව වැටුප වැඩි වන පිළිවෙල මෙන්න.(UPDATE/PHOTOS)

ජනවාරි සිට රාජ්‍ය සේවකයින්ගේ රැකියාව සහ තනතුර අනුව වැටුප වැඩි වන පිළිවෙල මෙන්න.(UPDATE/PHOTOS)

ගුරුවරුන් 7,500කට රොබෝ තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය. - එය සිදු වන්නේ මෙහෙමයි.

ගුරුවරුන් 7,500කට රොබෝ තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය. - එය සිදු වන්නේ මෙහෙමයි.

අද කියයි හෙට කියයි කියලා බලන් හිටපු සුබ ආරංචිය. - සංවර්ධන නිලධාරීන්ව ගුරු සේවයට. - ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

අද කියයි හෙට කියයි කියලා බලන් හිටපු සුබ ආරංචිය. - සංවර්ධන නිලධාරීන්ව ගුරු සේවයට. - ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.