වහාම කොළඹින් මේවා ඉවත් කරයි - ස්වේච්ඡාවෙන් ඉවත් කිරීමට ඉදිරිපත්වූවන්ට නගරාධිපනියගෙන් පැසසුම්
කොළඹ මහ නගර සභාව මඟින් කොළඹ නගරයේ ජල බැසීමේ පද්ධතියට බාධා වන අනවසර ඉදිකිරීම් හඳුනාගෙන ඉවත් කිරීමට පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් කොළඹ නගරාධිපතිනී ව්‍රායි කැලි බල්තසාර් සඳහන් කර ඇත්තේ, අනවසර ඉදිකිරීම් න්නිසා ජලය බැස යන ඇළ මාර්ගවල ජල ගලායාමට මෙන්ම ඒවා පිරිසිදු කිරීම හා නඩත්තු කිරීමට ද බාධා එල්ල වන බවයි.
රටේම ගෑස් ප්‍රශ්නේ කරට ගත්ත ලිට්‍රෝ ගෑස්වලටත් දැඩි අර්බුදයක් - ලිට්‍රෝ සමාගමට මාසෙකට රුපියල් කෝටි 80ක පාඩුවක්
එසේම මෙහිදී නගරාධිපතිනිය විසින් නිවාස හිමියන් සහ සමාගම් කිහිපයක් තම දේපළවල අනවසර ඉදිකිරීම් ස්වේච්ඡාවෙන් ඉවත් කිරීමට ගත් තීරණය අගය කර සිටියා.
ඒ අනුව ඔවුන්ගේ සහයෝගීතාවයට කෘතඥතාව පළ කරමින්, තවත් පදිංචිකරුවන් සහ ව්‍යාපාර ඔවුන්ගේ ආදර්ශය අනුගමනය කර කොළඹ ජලාපවහන පද්ධතිය වැඩිදියුණු කිරීමේ උත්සාහයන්ට සහාය වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද ඇය සඳහන් කළා.