අද රටම කම්පා කළ කඩුවෙල ඛේදවාචකයේ ගින්නට හේතුව.. මිය ගිය අය රෝහලට ගෙනියන විටත් බරපතළ ලෙස පිළිස්සිලා

Report

කඩුවෙල නගරයේ පිහිටි විද්‍යුත් උපකරණ අලෙවි සැලක හටගත් ගින්නකින් මව, පියා ඇතුළු කුඩා දරුවන් දෙදෙනෙකු මිය යෑමේ සිද්ධියට හේතුව විදුලි කාන්දුවක් බවට සැක මතුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව පොලිසිය සඳහන් කළේ, මූලික විමර්ශනවලදි ඒ සම්බන්ධයෙන් අනුමාන කළ හැකි සාධක ලැබී තිබෙන බවයි.

මෙම ගින්න අද අළුයම 5.30ට පමණ කඩුවෙල නගරයේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක තිබූ විද්‍යුත් උපකරණ අලෙවි සැලක හටගෙන තිබුණා.

මාලඹේ තලාහේන ප්‍රදේශයේ පදිංචිව සිටි අඹුසැමි යුවලක් විසින් මෙම ගොඩනැගිල්ල බදු පදනම යටතේ ලබාගෙන විද්‍යුත් අලෙවිසැල පවත්වාගෙන ගොස් තිබූ අතර අඹු සැමි යුවල සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා වෙළඳසැලෙහි උඩු මහලේ නවාතැන් ගෙන සිට ඇත.

උදේම බිහිසුණු ඛේදවාචකයක් - කඩුවෙල හදිසි ගින්නෙන් එකම පවුලේ මව, පියා සහ කුඩා දරුවන් දෙදෙනා අවසන ගමන් යයි

උදේම බිහිසුණු ඛේදවාචකයක් - කඩුවෙල හදිසි ගින්නෙන් එකම පවුලේ මව, පියා සහ කුඩා දරුවන් දෙදෙනා අවසන ගමන් යයි

ඒ අනුව මෙම ගින්න හටගෙන ඇත්තේ එම අඹුසැමි යුවල ඊයේ දෛනික වැඩ කටයුතු නිමකර සිය දරුවන් සමඟ උඩුමහලට ගොස් නින්දේ පසුවන අතරතුරයි.

එසේම ගින්නට මැදිවී උඩුමහලේ සිරව සිටි ඔවුන් සිවුදෙනා ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව ඉන් මුදාගෙන රෝහල් ගත කිරීමටයි පියවර ගෙන තිබුණ ද ඒ වනවිටත් බරපතළ පිළිස්සුම් තුවාල ලබා සිටි ඔවුන් සිවුදෙනා රෝහල් ගතකිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 30 සහ 35 යන වයස්වල පසුවූ අඹූසැමි යුවලක් සහ ඔවුන් දෙදෙනාගේ වයස අවුරුදු 2 සහ 5 හැවිරිදි දියණියන් දෙදෙනා බව වාර්තා වේ.

එසේම ගින්න නිවීමට කෝට්ටේ ගිනි නිවීම් ඒකකයේ ගිනි නිවීමේ රථ 03ක් යොදවා ගෙන තිබුණා.

යාපනයේ බරපතළ තත්ත්වයක් - මේ අයට වහාම මුඛ ආවරණ පැළඳීමට සහ එළිමහනේ සිටීමෙන් වළකින මෙන් දන්වයි

යාපනයේ බරපතළ තත්ත්වයක් - මේ අයට වහාම මුඛ ආවරණ පැළඳීමට සහ එළිමහනේ සිටීමෙන් වළකින මෙන් දන්වයි

අද ලංකාවේ සියලුම පාසල් සඳහා - විශේෂ වැඩසටහනක් ගුරුභවතුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන්

අද ලංකාවේ සියලුම පාසල් සඳහා - විශේෂ වැඩසටහනක් ගුරුභවතුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන්