බංග්ලාදේශ රාජ්‍ය අමාත්‍යවරයා අගමැතිනිය හමුවෙයි - දෙරටේ සහයෝගීතාව ගැන සාකච්ඡා වූ කරුණු මෙන්න

Report

බංග්ලාදේශ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හුමයුන් කබීර් මහතා ඇතුළු එරට දූත පිරිසක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී තිබේ. මෙම හමුව ඊයේ (18) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදුව ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

එහිදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දිගුකාලීනව පවතින මිත්‍රශීලී සබඳතා පිළිබඳව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරිය, දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් පුළුල් කරගැනීමේ වැදගත්කම අවධාරණය කර තිබේ.

මේ අතර, ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ සිදුව ඇති දේශපාලන පරිවර්තන අතර පවතින සමානකම් පිළිබඳව අදහස් දැක්වූ බංග්ලාදේශ රාජ්‍ය අමාත්‍යවරයා, යහපාලනය, සමාජ සංවර්ධනය සහ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම අරමුණු කරගත් රජයේ වැඩපිළිවෙළ පිළිබඳව සිය ප්‍රසාදය පළ කර ඇත.

වාහන වැඩකට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක් - සේවාවන් ලබාගන්න Appointment එකක් දා ගන්න

වාහන වැඩකට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක් - සේවාවන් ලබාගන්න Appointment එකක් දා ගන්න

පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සහ තිරසර බලශක්ති විසඳුම් ක්ෂේත්‍රයන්හි දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.

සියලු ජන කොටස් වෙත සංවර්ධනයේ ප්‍රතිලාභ ලබාදීම රජයේ අරමුණ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, 2027 ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත 'එක්ස්පෝ ශ්‍රී ලංකා' ප්‍රදර්ශනයට සහභාගී වන ලෙස බංග්ලාදේශ ආයෝජකයින්ට සහ ව්‍යාපාරික නියෝජිතයින්ට ආරාධනා කර තිබේ.

එමෙන්ම, දෙරට අතර ආයෝජන සහ ව්‍යාපාරික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු වී ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

තරුණයින් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කරන මුදල් යන්නේ කාගේ අතටද?

තරුණයින් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කරන මුදල් යන්නේ කාගේ අතටද?