මහපොළ ශිෂ්‍යත්වය ලබන සිසුන්ට අද සුබ ආරංචියක් - ඔක්තෝබර් දීමනාව බැංකු ගිණුම්වලට
By Malith Madushan
2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා මහපොළ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ සුදුසුකම් ලබා ඇති සියලුම සිසුන්ට ඔක්තෝබර් මාසයට අදාළ ශිෂ්‍යත්ව දීමනාව අද (19) ලබාදීමට කටයුතු කර තිබේ.
ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. එමෙන්ම, 2024/2025 අධ්‍යයන වර්ෂයට අදාළව ගෙවීමට ඉතිරිව ඇති හිඟ වාරික මුදල් ලබන දෙසැම්බර් මාසයේදී ලබාදීමට කටයුතු කරන බවද අරමුදල වැඩිදුරටත් දැනුම් දී තිබේ.
රාජ්‍ය සේවයට යන්න බලා සිටින අයට වැදගත් ආරංචියක් - 2026 දිවුරුම් දුන් භාෂා පරිවර්තක විභාගයට දින නියම වෙයි