වතුකම්කරුවන්ගේ වැටුපට බාල්දි දාන්න ආවට දිගම්බරම් නාමල්ගේ කනේ ඇඟිලි ගහගන්නම කියයි
නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා විසින් ආණ්ඩුව වතු කම්කරුවන්ට යම් සහනයක් දෙන විට ඒක දෙන්න ඉඩ දෙන්නැයි විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
එසේම වතු කම්කරු වැටුප් වැඩි කිරීම පිළිබඳව ජනපතිට ස්තුතිය පළ කරන බවද ඔහු සඳහන් කළා.
එහිදී දිගම්බරම් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ,
"මෙම අයවැයෙන් වතුකරයේ කම්කරු ජනතාවට ආණ්ඩුව මිලියන 5000ක් වෙන් කරලා තියෙනවා ඒ ගැන අපි සතුටු වෙනවා, කම්කරුවන්ගේ මෙම දීමනාව එක දවසක් ආවත් දෙනවාද? නැතිනම් දින 25ක් එන්න අවශ්‍යද? කියා දැනගන්න කැමතියි. ජනතාවගේ බදු සල්ලි වලින් මේ දීමනාව දෙනවා යැයි නාමල් රාජපක්ෂ, නිශාන් කාර්යප්පර් වැනි මන්ත්‍රීවරුන් විරෝධය පළ කර තිබුණා. මේ කම්කරු ජනතාව වසර දෙසීයක් තිස්සේ මේ රටට මුදල් උපයා දී තිබෙනවා. ඒ නිසා විවේචන කරන්න එපා. ඔබලගේ ආණ්ඩු සමයේ ඒක දෙන්න බැරි වුණා" යනුවෙන්.