ඇමතිලා මේ වගේ කැත කතා කියන්න එපා අන්තිම නින්දිතයි - සජිත්ගේ නංගි නිසා නාමලුයි අජිතුයි පැටලෙයි

Report

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහත්වරුන් අතර හටගත් වාදයක් නිසා පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ඒ අනුව මෙම උණුසුම් වාදය ඇතිවූයේ විපක්ෂ නායකවරයාගේ නැගණිය ව්‍යාජ මුදල් කෝට්ටු බැංකුවට රැගෙන යෑමක් ගැන චෝදනාවක් එල්ල වූ බවට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශයක් කළ විටයි.

ඇයට විරුද්ධව එවැනි චෝදනාවක් ආ බවත් ප්‍රේමදාස මහතාගේ දියණිය නිසා තමා ඇය බේරාගත්තේ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ අවස්ථාවේදී ප්‍රකාශ කළ බවත් කරුණාරත්න මහතා සඳහන් කළා.

අපි රැළිය තියන්නේ මේනිසයි මේ පාර නම් ආණ්ඩුවට බේරීමක් නෑ පුතේ - නාමල් කියයි

අපි රැළිය තියන්නේ මේනිසයි මේ පාර නම් ආණ්ඩුවට බේරීමක් නෑ පුතේ - නාමල් කියයි

එහිදී නීතිඥ අජිත් පී පෙරේරා මහතා,

"විපක්ෂ නායකවරයාගේ සහෝදරිය වින්දිතයා. ඇයට කෙනෙකු වරදක් කරලා අහුවෙනවා. දැන් ඒ පුද්ගලයාට විරුද්ධව මහාධිකරණයේ නඩු පවරලා හිරේ යවලා ඉන්නේ. ඒ සිද්ධියට විපක්ෂ නායකවරයාගේ නැගණියට වන්දින් ගෙව්වා. ඔබතුමාලා ඇමතිලා මේ වගේ කැත කතා කියන්න එපා අන්තිම නින්දිතයි" යනුවෙන් සඳහන් කළා.

එයට පිළිතුරු ලෙස නැවතත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ,

"චෝදනාවක් තිබුණා කියලා කිව්වේ. ප්‍රේමදාස මහත්තයගේ දුව නිසා ඇය බේරගත්තා කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා එදා එයාගේ කටින්ම කියනවා, එහෙම කතාවක් තිබුණා, ඒක ප්‍රසිද්ධ කාරණයක්." 

රනිල් තමයි මාව දේශපාලනයට ගෙනාවේ එයා හිරේ යද්දී මම ගොඩක් දුක්වුණා - සරත් ෆොන්සේකා කට අරී

රනිල් තමයි මාව දේශපාලනයට ගෙනාවේ එයා හිරේ යද්දී මම ගොඩක් දුක්වුණා - සරත් ෆොන්සේකා කට අරී

ආරච්චිකට්ටුවේ සභාපති සජබේ මන්ත්‍රීවරියකට 'බූරුවා' කියලා බැනලා - ඇගෙන් පොලිසියට පැමිණිල්ලක්

ආරච්චිකට්ටුවේ සභාපති සජබේ මන්ත්‍රීවරියකට 'බූරුවා' කියලා බැනලා - ඇගෙන් පොලිසියට පැමිණිල්ලක්