එමිරේට්ස් ගුවන් සේවයෙන් ශ්‍රී ලංකාවට අලුත් භාණ්ඩ ප්‍රවාහන සේවාවක් - දෙසැම්බර් මැද සිට Boeing 777F යානයක් වැඩට බහී

Report

එමිරේට්ස් ගුවන් සේවය 2026 දෙසැම්බර් මැද භාගයේ සිට ශ්‍රී ලංකාව වෙත නව භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවාවක් (Freighter Service) ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

Boeing 777F වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් යොදාගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම සේවාව සතියකට එක් වරක් ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් සිදුකිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවතින ගුවන් භාණ්ඩ ප්‍රවාහන ඉල්ලුමට ප්‍රතිචාරයක් ලෙස හඳුන්වා දෙන මෙම නව සේවාව මගින් මෙරට ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ ප්‍රවාහන සම්බන්ධතා තවදුරටත් පුළුල් කිරීමටත්, මෙරට ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ වර්ධනයට දායක වීමටත් අපේක්ෂා කෙරේ.

පාසල් නිවාඩුව ළඟයි - 2026 තෙවන පාසල් වාරය අවසන් වන දිනය සහ 2027 පාසල් ආරම්භ වන දිනය මෙන්න

පාසල් නිවාඩුව ළඟයි - 2026 තෙවන පාසල් වාරය අවසන් වන දිනය සහ 2027 පාසල් ආරම්භ වන දිනය මෙන්න

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග කාලසටහන – විෂයයන්, දිනයන් සහ වේලාවන් පිළිබඳ නිල විස්තර මෙන්න

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග කාලසටහන – විෂයයන්, දිනයන් සහ වේලාවන් පිළිබඳ නිල විස්තර මෙන්න