මේ උපාධිධාරීන්ට සුබ ආරංචියක් - බලා ගෙන සිටි ස්ථිර පත්වීම් දෙන දිනය මෙන්න

Report

හෙද අනුස්ථාපන හා සමායෝජන සය මාසික පුහුණු පාඨමාලාව අවසන් කළ විද්‍යාවේදී හෙද උපාධිධාරීන්ට ස්ථිර පත්විම් ජුනි 10 දින හෝ ඊට පෙර ආසන්න දිනයක දෙන බව වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සඳහන් කර ඇත.

ඒ අනුව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ පත්වීම් ලබන හෙද උපාධිධාරීන් දිවයින පුරා මධ්‍යම රජයේ රෝහල්හි අවශ්‍යතාවය අනුව අනුයුක්ත කිරීම පිළිබඳව අවධානය යොමු කරමින් සිටින බවයි.

මේ සම්බන්ධ සාකච්ඡාව සෞඛ්‍යා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පවත්වා ඇත.

අස්වැසුම ඕනේ නම් 31 ට කළින් කළ යුතු දේ රටටම දන්වයි - මේ තොරතුරු සඳහා නිලධාරීන් නිවෙස්වලට

අස්වැසුම ඕනේ නම් 31 ට කළින් කළ යුතු දේ රටටම දන්වයි - මේ තොරතුරු සඳහා නිලධාරීන් නිවෙස්වලට

එහිදී දිවයින පුරා ස්ථාපිත රජයේ රෝහල් 31ක ප්‍රායෝගික පුහුණුව සාර්ථකව නිම කරන ලද විද්‍යාවේදී හෙද උපාධිධාරීන් 517 දෙනෙකු හට ස්ථිර පත්විම් ලබා දීම, භාණ්ඩාගාරයෙන් අදාළ මුදල් වෙන් කරගැනීම, රෝහල්වලට අදාළව තේරීම් ලකුණු (Choice Mark) සටහන් කිරිම මැයි 24 දින සිදුකිරීම පිළිබඳව සාකච්ඡා කර ඇත.

එමෙන්ම මෙහිදී අනාවරණය වූ විශේෂම කරුණක් වන්නේ, මීට පෙර පැවති රජයේ ප්‍රතිපත්තිමය තීරණ සහ භාණ්ඩාගාර අනුමැතිය නොලැබීම නිසා 2021 වසරේ සිට 2025 වසර දක්වා වසර 4 ක් පුරා මෙම පුහුණු බඳවා ගැනීම් සම්පූර්ණයෙන්ම අඩාල වී තිබූ බවයි.

එසේ වුවත් වත්මන් රජය මැදිහත් වී 2025 වසරේදී නැවත අනුමැතිය ලබා ගනිමින් මෙම ඇණහිට තිබූ ක්‍රියාවලිය යළි ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබී ඇත.

ලබන 23 සහ 24 යන දෙදිනට වලංගු දැනුම්දීමක්

ලබන 23 සහ 24 යන දෙදිනට වලංගු දැනුම්දීමක්

මේ අතර මෙම සාකච්ඡාවට සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්.එස්.බී. මැදවත්ත, හෙද උපාධිධාරීන් නියෝජනය කරමින් ඊ.එම්. කණිෂ්ක ගීත් මදුෂාන්, ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක මහතාගේ පෞද්ගලික ලේකම් සුමාල් ධනුෂ්ක සහ පෞද්ගලික සහකාර සරත් ජයන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී ඇත.

දෙමාපියන්ගේ අවධානයට - දරුවන්ට අධික උණ, බෙල්ලේ තද ගතිය තියෙනවා නම් වහාම PHI දැනුවත් කරන්න

දෙමාපියන්ගේ අවධානයට - දරුවන්ට අධික උණ, බෙල්ලේ තද ගතිය තියෙනවා නම් වහාම PHI දැනුවත් කරන්න