දරුවන් ගැන ඉතා භයානක හෙළිදරව්වක් - ඔබේ දරුවා ඇස් මානයේ තබා ගන්න

Report

පසුගිය 2015 සිට 2025 දක්වා ගත වූ වසර 10ක කාලය තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිලි 108,581ක් ලැබී ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල් රාජ් මහත්මිය පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්ථාවර නියෝග 27/2 යටතේ අසන ලද පැනයකට පිළිතුරු ලබාදෙමින් පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

මේ වසරේ අප්‍රේල් මස 30 වෙනිදා වනවිට මහාධිකරණයේ ළමා අපයෝජන සම්බන්ධයෙන් නඩු 4,421ක් විභාග වෙමින් පවතින අතර සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනුකර ඇති බව ද ඇය ප්‍රකාශ කළාය.

වහාම ක්‍රියාත්මක පරිදි නැවතත් තෙල් මිල සංශෝධනයක් - නව අගයන් මෙන්න

වහාම ක්‍රියාත්මක පරිදි නැවතත් තෙල් මිල සංශෝධනයක් - නව අගයන් මෙන්න

එම නඩු කඩිනමින් අවසන් කිරීම සඳහා ළමා ආරක්ෂණ අධිකාරිය විසින් පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාව හරහා පොලිස් කොට්ඨාස ළමා හා ආරක්ෂණ කාර්යාංශ 47ක් සම්බන්ධීකරණය කරගනිමින් නඩු නියාමන කටයුතු සිදුකරනු ලබයි.

වින්දිත දරුවන්ගේ රැකවරණය තහවුරු කිරීමේ ඉදිරි පියවරක් ලෙස ළමුන් සෘජුව අධිකරණය වෙත ඉදිරිපත් නොකර, කිසිදු බලපෑමකින් තොර පරිසරයක් තුළ වීඩියෝ සාක්ෂි පටිගත කරමින් අධිකරණයට යොමු කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

ඒ අනුව පළාත් මට්ටමින් වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකක නවයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය සුදුසු ස්ථාන හඳුනාගැනීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛ අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කරමින් පවතින බව ද සඳහන් වේ.

මේ අතර මේ වසරේ ගතවූ මුල් මාස 6 තුළ එනම් ජනවාරි පළමු දින සිට ජූනි 30 දක්වා කාලය තුළ ළමා අපයෝජන ඇතුළු ළමුන් සම්බන්ධ පැමිණිලි 5,523ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී තිබේ.

ඒ අතුරින් ළමුන් කෲරත්වයේ යෙදවීම සම්බන්ධයෙන් පැමිණිලි 1,100ක්, බරපතල ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් පැමිණිලි 60ක්, ලිංගික අතවර කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 213ක්, ළමුන් නීත්‍යානුකූල භාවයෙන් අපහරණය කිරීම සම්බන්ධ පැමිණිලි 99ක්, ළමුන් සිගමනේ යෙදවීම් පිළිබඳ පැමිණිලි 100ක් සහ ළමා ශ්‍රමිකත්වය පිළිබඳ පැමිණිලි 82ක් වාර්තා වී ඇත.

මුළු ලංකාවටම දරුණු අනතුරක් අත ළඟ - හිතනවටත් වඩා ඉක්මනින් එල්නිනෝ තත්ත්වය එනවා විශේෂ අනාවරණයක්

මුළු ලංකාවටම දරුණු අනතුරක් අත ළඟ - හිතනවටත් වඩා ඉක්මනින් එල්නිනෝ තත්ත්වය එනවා විශේෂ අනාවරණයක්

එමෙන්ම යොවුන් වියේ ගැබ් ගැනීම් පිළිබඳ පැමිණිලි 40ක්, ළමා විවාහ සම්බන්ධයෙන් පැමිණිලි 5ක්, සයිබර් හිංසන සම්බන්ධයෙන් පැමිණිලි 112ක් සහ සියදිවි නසා ගැනීමට තැත් කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 13ක් ද මේ වසරේ පළමු මාස 6 තුළ වාර්තා වී ඇති බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.