දෙමාපියන්ගේ අවධානයට - දරුවන්ට අධික උණ, බෙල්ලේ තද ගතිය තියෙනවා නම් වහාම PHI දැනුවත් කරන්න

By Aylin Zoya May 21, 2026 07:56 AM GMT
Report

දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පාසල් සිසුන් 18 දෙනකු අතරින් 10 දෙනෙකු මෙනින්ජයිටීස් (Meningitis) රෝගීන් බවට හඳුනාගෙන ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉතිරි සිසුන් 18 දෙනාම රෝග ලක්ෂණ සහිතව ප්‍රතිකාර ලබමින් සිටින අතර, තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතින බවද වාර්තා වේ.

දියතලාව මූලික රෝහල විසින් දරුවන්ගේ භාරකරුවන් වෙත දැනුම් දී ඇත්තේ, මෙවැනි රෝග ලක්ෂණ ඇතිවූ වහාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කර අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි.

මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - වහාම ගුවන් තොටුපළවල් පරික්ෂාවට නියෝග - ලංකාවත් කැළඹෙයි

මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - වහාම ගුවන් තොටුපළවල් පරික්ෂාවට නියෝග - ලංකාවත් කැළඹෙයි

එමෙන්ම රෝගය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පාසල් සිසුන්ට මුව ආවරණ භාවිතා කිරීම, දෑත් නිතර සෝදා පිරිසිදුව තබා ගැනීම, වැසිකිළි පිරිසිදුව භාවිතා කිරීම සහ සෞඛ්‍යාරක්ෂිත පුරුදු අනුගමනය කිරීම අවශ්‍ය බවද රෝහල් උපදෙස්වල සඳහන් වේ.

සිසුන් එක්රැස්වන සාමූහික ක්‍රියාකාරකම් හැකිතාක් අවම කිරීමටද අදාළ අංශවලට උපදෙස් ලබාදී ඇති බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

අධික උණ, බෙල්ලේ තද ගතිය, අධික නිදිමත හෝ සිහි මද ගතිය, ආලෝකයට බැලීමේ අපහසුව, වමනය, ආහාර ප්‍රතික්ෂේප කිරීම සහ සම මත ලප ඇතිවීම මෙනින්ජයිටීස් රෝගයේ ප්‍රධාන ලක්ෂණ ලෙස දියතලාව මූලික රෝහල සඳහන් කරයි.

චෙන්නායි හැර ගිය කෙනිෂා සහ සබරිමාල වන්දනාවට ගිය රවිමෝහන් - දෙමළ සිනමාව කැළඹූ ආදර කතාවේ අලුත්ම පෙරළිය

චෙන්නායි හැර ගිය කෙනිෂා සහ සබරිමාල වන්දනාවට ගිය රවිමෝහන් - දෙමළ සිනමාව කැළඹූ ආදර කතාවේ අලුත්ම පෙරළිය

අස්වැසුම ඕනේ නම් 31 ට කළින් කළ යුතු දේ රටටම දන්වයි - මේ තොරතුරු සඳහා නිලධාරීන් නිවෙස්වලට

අස්වැසුම ඕනේ නම් 31 ට කළින් කළ යුතු දේ රටටම දන්වයි - මේ තොරතුරු සඳහා නිලධාරීන් නිවෙස්වලට