පෙම්වතියගේ නිරුවත පාසල් සිසුන්ට පෙන්වූ අමුතුම සිද්ධිය මාට්ටු වෙයි...

CID - Sri Lanka Police Sri Lanka Police Department of Prisons Sri Lanka Prisons in Sri Lanka Education
By Aruna Jul 14, 2023 06:21 AM GMT
Aruna

Aruna

Report

උපන් දින සාදයකදී සිය පෙම්වතියගේ නිරුවත් සේයාරූ මිතුරන් කිහිපදෙනකු අතර හුවමාරු කරගැනීමේ සිදුවීමක් පිළිබඳව පුවතක් කුරුණෑගලින් වාර්තා වනවා.

කුරුණෑගල ප්‍රදේශයේ පාසලක සිසුන් කිහිපදෙනෙක් මෙසේ එම සේයා රූ හුවමාරු කරගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

පෙම්වතා යැයි පැවසෙන සැකකාර සිසුවා සම වයසේ පාසල් ශිෂ්‍යාවක සමඟ ඇසුරක් පවත්වා, ඇය සමග වූ විරසකයක් මත මේ අසභ්‍ය දර්ශන සිය උපන්දින සාදයේදී මිතුරන් අතර මෙසේ හුවමාරු කරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාසල් සිසුන් 6 දෙනකු ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (13) නියෝග කර ඇත.