මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට හෙටයි අනිද්දයි විශේෂ වැඩක්

Report

NSBM හරිත සරසවිය ජනවාරි 23, 24 සහ 25 යන දිනයන්ගේ පවත්වන "NSBM Open Day" සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වන බව දැනුම් දෙයි.

ඒ අනුව "හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේමාව යටතේ සංවිධානය වන මෙම ප්‍රදර්ශනයට සහභාගී වන පිරිසට ලෝකයේ අති නවීන විශ්වවිද්‍යාල අධ්‍යනය කොට ඒවායේ තාක්ෂණය සහ පහසුකම් අනුව ඉදිකරනු ලැබූ දැවැන්ත සහ අසමසම NSBM හරිත සරසවි පරිශ්‍රය දැකබලා ගැනීමේ අවස්ථාව උදා වෙන බව සඳහන්.

ගුරුවරුන්ට අලුත් නීති - රජයෙන් අලුත් සැලැස්මක්?

ගුරුවරුන්ට අලුත් නීති - රජයෙන් අලුත් සැලැස්මක්?

මෙහි ඇති විශේෂත්වය නම් මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ට මෙම දිනයන්ගේ NSBM හරිත සරසවියේ කථිකාචාර්ය මණ්ඩලය හමුවී ඔවුන්ගේ මඟපෙන්වීම යටතේ ඔවුන්ගේ අනාගත අරමුණුවලට ගැළපෙන උපාධිය තෝරාගෙන එවෙලේම ලියාපදිංචි වීමේ අවස්ථාව හිමි වීමයි.

එසේම මෙම ප්‍රදර්ශනයේ විශේෂාංග වශයෙන් සරසවියේ සිසුන් විසින් සංවිධානය කරනු ලබන ප්‍රදර්ශන, ශිෂ්‍යන්ගේ ව්‍යාපෘති සහ නිර්මාණ මෙන්ම විවිධ අධ්‍යයනාංශ මඟින් පවත්වන ප්‍රදර්ශන කුටි ද දැකගත හැක.

පෙබරවාරි මාසේ 03, 05 සහ 6 යන දිනවල වෙන්නේ මේකයි

පෙබරවාරි මාසේ 03, 05 සහ 6 යන දිනවල වෙන්නේ මේකයි

ඊට අමතරව NSBM හරිත සරසවියේ කලා සංගම් මඟින් සංවිධානය කරනු ලබන රසවින්දනාත්මක අංග ද මෙම දිනයන් පුරාවට පැවැත්වීමට නියමිත බව සඳහන්.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර 011 544 5000 හෝ 071 244 5000 (WhatsApp) යන දුරකථන අංක හරහා ලබා ගත හැකි බව සඳහන්.  

මීට පස්සේ මවුපියන්ට බය වෙන්න දෙයක් නෑ ද්විතීක පාසල් හය දහසකට රජයෙන් මුදල් දෙනවා - මධුර

මීට පස්සේ මවුපියන්ට බය වෙන්න දෙයක් නෑ ද්විතීක පාසල් හය දහසකට රජයෙන් මුදල් දෙනවා - මධුර

ත්‍රිරෝද රථ රියදුරන්ට විශේෂ නිවේදනයක්

ත්‍රිරෝද රථ රියදුරන්ට විශේෂ නිවේදනයක්