ලංකාව අනිවා ස්වර්ග රාජ්‍යයක් කරනවම තමයි - මාලිමා මන්ත‍්‍රී
By R.rishma
තම ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකාව අනිවාර්යෙන්ම ස්වර්ග රාජ්‍යයක් කරන බවට ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවිර මහතා සඳහන් කරයි.
විපක්ෂය විසින් ආණ්ඩුවට එරෙහිව ගෙන එන්නේ සතියක්වත් දුවා ගන්නට බැරි සටන් පාඨ බවත් ඔහු තවද කියා සිටී.
විපක්ෂය විසින් එල්ල කරන චෝදනා ජනතාව අළුයම ලූ කෙළෙපිඩක් සේ ඉවත දමා ඇති බවද හෙතෙම කියා සිටියේ කොළඹදී මාධ්‍යවේදීත් අමතමිනි.
"සතියෙන් සතියට මොකක්හරි, එක්කෝ වඳුරු ප්‍රශ්නයක් ගත්තා. එහෙම නැත්නම් අලි ප්‍රශ්නයක් ගත්තා. සතියක් ජීවත් වෙන්නත් බැරි ප්‍රශ්න ටිකක් සමාජයට ගෙනල්ල දැම්මා. අද විපක්ෂයට ආණ්ඩුවට විරුද්ධ සටන් පාඨ අහිමි වෙලා. විපක්ෂය මේ දවස්වල කෙඳිරි ගානවා, අපි මේ රට ස්වර්ග රාජ්‍යයක් කරනකම් අපි අරගෙන යනවම තමයි"