දේශපාලන කුටියක්ද? – ජා.ජ.බ. මන්ත්‍රීවරියකගේ පියාට සීදුවේදි වෙඩි ප්‍රහාරයක් [PHOTOS]

Report

කටුනායක – සීදුව නගර සභාව නියෝජනය කරන ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරියක වන දිල්කි ද සොයිසා මහත්මියගේ පියා වන විශ්‍රාමික හමුදා සෙබළෙකුට සීදුව, රාජපක්ෂපුර 4 වන මාවතේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත.

මෙම සිදුවීමෙන් බරපතල තුවාල ලැබූ ඔහු වහාම රෝහල් ගත කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

පොලිස් වාර්තාවලට අනුව, මෙම වෙඩි තැබීම 2025 ජූලි 21 වන දින සවස් කාලයේ සීදුව, රාජපක්ෂපුර 4 වන මාවතේ වෙළෙඳ සැලක් ඉදිරිපිටදී සිදුව ඇත. යතුරුපැදියකින් පැමිණි හඳුනා නොගත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝලයකින් වෙඩි තබා පළා ගොස් ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ. සැකකරුවන් විසින් වෙඩි ප්‍රහාර තුනක් පමණ එල්ල කර ඇති අතර, එම ප්‍රහාරයෙන් තුවාලකරුගේ මුඛයට සහ පාදවලට හානි සිදුව ඇත.

සීදූවේ වෙඩිතැබීමක්

සීදූවේ වෙඩිතැබීමක්

තුවාල ලැබූ විශ්‍රාමික හමුදා සෙබළා වහාම ආසන්නතම රෝහලකට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහල වෙත මාරු කර ඇත. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් හෙළිදරව් වී නොමැත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන පරිදි, මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. තුවාලකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා සීදුව පොලිසියේ කණ්ඩායමක් රාගම ශික්ෂණ රෝහල වෙත පිටත්ව ගොස් ඇත. සිදුවීම සිදුවූ ස්ථානයේ විමර්ශන කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර, සැකකරුවන් හඳුනා ගැනීම සඳහා සීදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.

පාසල් වේලාවන් ගැන විශේෂ නිවේදනයක්

පාසල් වේලාවන් ගැන විශේෂ නිවේදනයක්

මෙම සිදුවීමත් සමඟ රාජපක්ෂපුර ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන තර කිරීමට පොලිසිය පියවර ගනිමින් සිටින අතර, ප්‍රදේශවාසීන්ගෙන් මෙම සිදුවීම සම්බන්ධයෙන් ඕනෑම තොරතුරක් ලබාදෙන ලෙස ඉල්ලා ඇත. සැකකරුවන්ගේ යතුරුපැදිය හෝ ඔවුන්ගේ චලනයන් පිළිබඳ තොරතුරු ලබාදිය හැකි අයෙකු සිටී නම්, ඒ සම්බන්ධයෙන් සීදුව පොලිසිය හා සම්බන්ධ වන ලෙස පොලිසිය දැනුම් දී ඇත.


GalleryGalleryGalleryGalleryGallery