පවතින ගුරු පුරප්පාඩු ගැන දැනුම් දීමක් (VIDEO)

Report

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසන්නේ මේ වසරේ අග භාගය වනවිට ගුරු පුරප්පාඩු සඳහා කඩිනමින් බඳවා ගැනීම් සිදුකරන බවයි.

අද පැවති පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් ඇය මේ පිළිබඳව සඳහන් කර සිටියා.

එහිදී එතුමිය පවසා සිටියේ සිංහල මාධ්‍ය සහ දමිළ මාධ්‍යයේ පළවෙනි ශ්‍රේණියේ සිට පස්වෙනි ශ්‍රේණිය දක්වාත් හයවන ශ්‍රේණියේ සිට එකොළහ ශ්‍රේණිය දක්වා පහත පරිදි ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින බවයි.

සති තුනක් තුල මෙරටට පැමිණි සංචාරකයින් ගණන ඉහලට

සති තුනක් තුල මෙරටට පැමිණි සංචාරකයින් ගණන ඉහලට

පළවෙනි ශ්‍රේණියේ සිට පස්වෙනි ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍යයේ ගුරු පුරප්පාඩු සංඛ්‍යාව - 4,240

දෙමළ මාධ්‍යයේ ගුරු පුරප්පාඩු සංඛ්‍යාව - 2,827

හයවෙනි ශ්‍රේණියේ සිට එකොලොස්වන ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍යයේ ගුරු පුරප්පාඩු සංඛ්‍යාව - 11,274

හයවෙනි ශ්‍රේණියේ සිට එකොලොස්වන ශ්‍රේණිය දක්වා දෙමළ මාධ්‍යයේ ගුරු පුරප්පාඩු සංඛ්‍යාව - 6,121

එමෙන්ම බස්නාහිර පළාතේ සිංහල මාධ්‍ය සහ දමිළ මාධ්‍ය රාජ්‍ය පාසල් වල පළවෙනි ශ්‍රේණියේ සිට පස්වෙනි ශ්‍රේණිය දක්වාත් හයවන ශ්‍රේණියේ සිට එකොළහ ශ්‍රේණිය දක්වා පහත පරිදි ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින බවයි අග්‍රාමාත්‍යවරිය පවසා සිටියේ.

පළවෙනි ශ්‍රේණියේ සිට පස්වෙනි ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍යයේ ගුරු පුරප්පාඩු සංඛ්‍යාව - 1318

හයවෙනි ශ්‍රේණියේ සිට එකොලොස්වන ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍යයේ ගුරු පුරප්පාඩු සංඛ්‍යාව - 1325  සහ දෙමළ මාධ්‍ය - 397

පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්

පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්

අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් පවසා සිටියේ කොළඹ අධ්‍යාපන කලාපයේ සිංහල මාධ්‍ය සහ දමිළ මාධ්‍ය රජයේ පාසල්වල පළවෙනි ශ්‍රේණියේ සිට පස්වෙනි ශ්‍රේණිය දක්වා සහ හයවෙනි ශ්‍රේණියේ සිට එකොළොස්වෙනි ශ්‍රේණිය දක්වා පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් පහත පරිදි පවතින බවයි.

පළවෙනි ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍ය - 84

දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු සංඛ්‍යාව - 85

හයවෙනි ශ්‍රේණියේ සිට එකොළොස් වන ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍ය ගුරු පුරප්පාඩු සංඛ්‍යාව - 226

දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු සංඛ්‍යාව -140 

ලොකෙම දිනන්න ගිය අනුදි විජයත් එක්ක සිනමාවට?..

ලොකෙම දිනන්න ගිය අනුදි විජයත් එක්ක සිනමාවට?..