පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්
By Hashini
මාතර පොලිස් වසමේ හුන්ගන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු ජලය පිරි තිබු ගල්වලකට වැටුණු සරුංගලයක් ගැනීමට යාමේදී දියේ ගිලි අතුරුදන්ව තිබෙනවා.
මාතර පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ 25 හැවිරිදි හුන්ගන්ගොඩ - අම්බලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කලේ.
පොලිස් නිලධාරීන් විසින් එම පුද්ගලයා සෙවීමේ මෙහෙයුම් දියත් කර ඇති අතර නාවික කිමිඳුම්කරුවන්ද ගෙන්වා අතුරුදන් වූ පුද්ගලයා සොයා මෙහෙයුම් සිදු කිරීමට නියමිත වනවා.