හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳ ආපදා කළමනාකරණ මධස්ථානයෙන් දැනුම්දීමක්..

Sri Lanka Police Sri Lanka Weather Floods In Sri Lanka
By Piyumika Jun 03, 2024 07:15 AM GMT
Piyumika

Piyumika

Report

හදිසි ආපදා තත්ත්වයන් දැනුම්දීමට සහ විපතට පත් පුද්ගලයන් වෙත තවදුරටත් සහන සැලසීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි දුරකථන ඇමතුම් අංකය 24 පැය පුරා ක්‍රියාත්මක කර ඇත.

ජනතාවට භය වෙන්න දෙයක් නෑ - සියල්ල රජයෙන් නොමිලේම?.. රජය විශේෂ තීරණයකට ගිහින් මෙන්න.

ජනතාවට භය වෙන්න දෙයක් නෑ - සියල්ල රජයෙන් නොමිලේම?.. රජය විශේෂ තීරණයකට ගිහින් මෙන්න.

එමඟින් සේවා සම්බන්ධයෙන් සෘජුව දායක කරගත යුතු සියලු රාජ්‍ය ආයතන සහ නිලධාරීන් සම්බන්ධ කිරීමටත්, පහසුකම් සැලසීමටත් කටයුතු සලසන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර දිවයිනට බලපා ඇති හදිසි අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති බව ආපදා තත්ත්වයන් පිළිබඳව දැනුම්දීම සඳහා පොලීසිය විසින් ආර්ම්භ කළ විශේෂ මෙහෙයුම් මැදිරියේ දුරකථන අංක යාවත්කාලීන කර ඇත.

ඊයේ වගේම වෙයි ද?. විමසිල්ලෙන්ම ඉන්න - වෙන දෙය ගැන මේ දැන් ලැබුණ කාලගුණ නිවේදනය මෙන්න..

ඊයේ වගේම වෙයි ද?. විමසිල්ලෙන්ම ඉන්න - වෙන දෙය ගැන මේ දැන් ලැබුණ කාලගුණ නිවේදනය මෙන්න..

ඊයේ (02) පස්වරු 06 සිට පැය 24පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරියක් පොලිස් මුලස්ථානයේ ස්ථාපිත කිරීමට පියවර ගත්තේය. පොලිස් මුලස්ථාන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක වන අතර හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳව වාර්තා කිරීමට සහ අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීම මෙමඟින් සිදුකෙරේ.

ඒ අනුව 011 2 42 18 20 යන ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ එම විශේෂ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ විය හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

මීට අමතරව 011 2 43 92 12, 011 20 130 36 හෝ 011 20 130 39 යන දුරකථන ඔස්සේ ද එම මෙහෙයුම් මැදිරියට තොරතුරු ලබා දිය හැකි වේ.

එමෙන්ම disaster.ops@police.lkයන විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ ද තොරතුරු ලබා දිය හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳ ආපදා කළමනාකරණ මධස්ථානයෙන් දැනුම්දීමක්.. | Notification From The Disaster Management Center

ඇසිල්ලකින් රටම කැළඹුණ විසල් කාලගුණය කළ ඒ මහා විනාශය - පුද්ගල මරණම තවත් ඉහළට..(VIDEO)

ඇසිල්ලකින් රටම කැළඹුණ විසල් කාලගුණය කළ ඒ මහා විනාශය - පුද්ගල මරණම තවත් ඉහළට..(VIDEO)

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූවන්ට කඩිනම් සහන සැලසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අදාළ දිස්ත්‍රික් ලේකම්වරු වෙත වහාම නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී තිබේ.

ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ හානියට පත් සියලු නිවාස රජයේ මුදලින්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ දායකත්වයෙන් ඉදිරි මාස 02 තුළ ඉදි කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා අදාළ පාර්ශ්වයන් වෙත උපදෙස් ලබා දී ඇති බව සඳහන් වේ. මීට සම්බන්ධ පූර්ණ සැලැස්මක් අද දිනයේ දී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මුදල්?. ජනපති විශේෂ තීරණයකට යයි.. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාටත් වහාම දන්වයි..

මුදල්?. ජනපති විශේෂ තීරණයකට යයි.. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාටත් වහාම දන්වයි..

මේ වන විට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, බලපෑමට ලක්ව ඇති සියලු ප්‍රදේශීය ලේකම් කාර්යාලවල අත්‍යාවශ්‍ය නිලධාරීන් සහ ග්‍රාම සේවා නිලධාරීන් ප්‍රමුඛ ප්‍රාදේශීය ආපදා කළමනාකරණ නිලධාරීන් විපතට පත්වූවන්ට සියලු සහන සැලසීම සඳහා කටයුතු කරමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙම සියලු නිලධාරීන්ගේ කැපවීම අගය කළ ජනාධිපතිවරයා එම සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහාත්, වහාම ආපදා තත්ත්වයන්ගෙන් මහජනතාව මුදාගෙන සාමාන්‍ය ජීවන තත්ත්වයක් පවත්වාගෙන යාම සඳහා රජයෙන් ලබාදිය හැකි සියලු සහාය නොපමාව ලබා දෙන බවත් සඳහන් කර ඇත.

ඇසිල්ලකින් රටම කැළඹුණ විසල් කාලගුණය කළ ඒ මහා විනාශය - පුද්ගල මරණම තවත් ඉහළට..(VIDEO)

ඇසිල්ලකින් රටම කැළඹුණ විසල් කාලගුණය කළ ඒ මහා විනාශය - පුද්ගල මරණම තවත් ඉහළට..(VIDEO)

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පස්කදු හෝ ගස් කඩා වැටීමෙන් දුම්රිය මාර්ග හා මහාමාර්ග අවහිර වී ඇත්නම් වහාම ප්‍රදේශීය ඉංජිනේරු කාර්යාල දැනුවත් කරන ලෙස මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා මහජනතාවට දැනුම් දෙයි. ඊට අදාළව වහාම ක්‍රියාත්මක වීමේ සියලු බලතල ප්‍රදේශීය ඉංජිනේරුවන් වෙත පවරා ඇති බව ලේකම්වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.