මුදල්?. ජනපති විශේෂ තීරණයකට යයි.. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාටත් වහාම දන්වයි..

Ranil Wickremesinghe President of Sri lanka Weather Presidential Update Latest Headlines
By krishani Jun 02, 2024 03:34 PM GMT
krishani

krishani

Report

මේ වන විට දිවයිනට බලපා ඇති කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනතාව පීඩාවට පත් ව තිබෙනවා.

මුදල්?. ජනපති විශේෂ තීරණයකට යයි.. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාටත් වහාම දන්වයි.. | Allocate Money To The Affected People

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමටයි. 

ඒ වෙනුවෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත කඩිනමින් මුදල් වෙන්කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

බුකියම රත් වුණ, රේල් පාරේ වැඩ කිඩ දැම්ම බස් රියදුරාට හිතුවෙවත් නැති දෙයක් වෙලා..(VIDEO)

බුකියම රත් වුණ, රේල් පාරේ වැඩ කිඩ දැම්ම බස් රියදුරාට හිතුවෙවත් නැති දෙයක් වෙලා..(VIDEO)


මේ අතර, ශ්‍රී ලංකා පොලිසිය විසින් දුරකථන අංක කිහිපයක් හදුන්වා දී තිබෙනවා.

ඒ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හදිසි අවස්ථාවක දී සහය ලබා ගැනීම සඳහා ය.

ඒ අනුව ‘0112 421 820’ සහ ‘0112 421 111’ යන ක්ෂණික දුරකථන අංකය ඔස්සේ විපතට පත් වූ ඔබට අවශ්‍ය සහය ලබා ගැනීමේ හැකියාව පවති.

එමෙන්ම, මේ වන විට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නවතම නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.

යුධ හමුදාවෙන් වහාම කණ්ඩායම් 07ක් - විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙවැන්නකී..

යුධ හමුදාවෙන් වහාම කණ්ඩායම් 07ක් - විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙවැන්නකී..


ඒ, අනුව රත්නපුර, නුවරඑළිය, මාතර, කුරුණෑගල, කෑගල්ල, නුවර, කළුතර, හම්බන්තොට, ගාල්ල, සහ කොළඹ දිස්ත්‍රික්ක සඳහා අනතුරු ඇඟවීම සිදුකර ඇත. එමෙන්ම එම නිවෙදනය හරහා පාදුක්ක, පාලින්දනුවර, මතුගම, බුලත්සිංහල, ඉංගිරිය, රුවන්වැල්ල, දෙහිඕවිට, දැරණියගල, වරකාපොල, යටියන්තොට, රත්නපුර, අයගම, පැල්මඩුල්ල, කුරුවිට, ඇලපාත, නිවිතිගල, කලවාන, කිරිඇල්ල සහ ඇහැළියගොඩ ප්‍රදේශ සඳහා තුන්වන මට්ටමේ රතු අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

කැලණි ගඟේ ජල මට්ටම ඉහළට! කොළඹ තැනින් තැන යට වෙයි! 😱👇


.