හදිසියේම හිරුණිකාට ආ නොතීසි.
By Wayomi
අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ට නොතීසි නිකුත් කර තිබෙනවා.
ඒ, මැයි මස 08 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසයි.
එලෙස නොතීසි නිකුත් කර ඇත්තේ, ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් විවේචනය කිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමක් සම්බන්ධයෙනි.