නිල නිවාස සහ බංගලා වහාම භාර දෙන්නැයි විශේෂ දැනුම්දීමක් - සියලූම ආකාරයේ දීමනාත් අහෝසියි..!

Anura Kumara Dissanayaka Sri Lanka Politician Latest Headlines AKD
By Sewvandhi Sep 27, 2024 09:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පරිහරණය කළ සියලු‍ම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත භාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පහළොවකට ආසන්න පිරිසක් රජයේ නිල නිවාස සහ බංගලා භාර දීම සඳහා දැනටමත් විමසීම් කර ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළා.

හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ ආයතන කිහිපයකට රජය ලබා දී තිබූ කොළඹ රජයේ බංගලා සංඛ්‍යාව 50 ක්.

මේ අතර මාදිවෙල මන්ත්‍රී නිල නිවාස මහ මැතිවරණය පවත්වන දිනය තෙක් භාවිත කිරීමට හිටපු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් අවසර දී ඇති බව වාර්තාවනවා.

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනයේ හෝ ඊට පසුදින එම නිවාස යළි භාරදිය යුතු වනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙතෙක් ලබාදී තිබූ සියලු ආකාරයේ දීමනා, මුද්දර ගාස්තු ඇතුලු පහසුකම්ද පාර්ලමේන්තුව විසුරුවා හැරීමත් සමඟ අහෝසි වුණා.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%