කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ යන රියදුරන්ට දැනුම් දීමක්

Report

වාද්දුව තල්පිටිය ශ්‍රී දළදාවත්ත පුරාණ විහාරස්ථානයේ වාර්ෂික දළදා පෙරහර හේතුවෙන් රථ වාහන ගමනාගමනය යම් සීමා කිරීමක් සිදුකර තිබේ.

මේ සම්බන්ධයෙන් පොලිසියෙන් දැනුම් දීමක් සිදුකර තිබෙන අතර එම පෙරහැර අද දින (13)වීදි සංචාරය කිරීමට නියමිත බව සඳහන් වේ.

නව ත්‍රස්ත විරෝධී පනතේ අවසන් කෙටුම්පත ලබන සතියේ

නව ත්‍රස්ත විරෝධී පනතේ අවසන් කෙටුම්පත ලබන සතියේ

මෙම පෙරහර අලි ඇතුන් ඇතුළු නර්තන කණ්ඩායම්වලින් සමන්විත අංග 100 කට ආසන්න ප්‍රමාණයක් පෙළගස්වා ඇති අතර පෙරහැර නැරඹීම සඳහා විශාල බැතිමතුන් පිරිසකගේ පැමිණීම අපේක්ෂා කරනු ලබන බව පොලීසිය පවසයි.

ප්‍රේමදාස මහතාගේ බිරිඳ හේමා වාහනය යළි රජයට භාරදෙයි

ප්‍රේමදාස මහතාගේ බිරිඳ හේමා වාහනය යළි රජයට භාරදෙයි

එබැවින්, මෙම පෙරහැර අද (13) රාත්‍රී 07.00 සිට හෙට (14) අලුයම 01.00 දක්වා වීථී සංචාරය කරන කාලය තුළ වාද්දුව පොලිස් වසමේ කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇති විය හැකි බැවින් පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රථවාහන රියදුරන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

සම්බා සහ කීරි සම්මා සම්බන්ධයෙන් දැනුම් දීමක්

සම්බා සහ කීරි සම්මා සම්බන්ධයෙන් දැනුම් දීමක්

විකල්ප මාර්ග

• කොළඹ සිට ගාල්ල දෙසට ගමන් ගන්නා රථවාහන පානදුර ඔරලෝසු කණුව අසළින් හොරණ පාරේ අළුබෝමුල්ල හරහා බණ්ඩාරගමට ගොස් බණ්ඩාරගම හන්දියෙන් ඇති දකුණට මොරොන්තුඩුව මාර්ගයේ ගොස් වාඩිය මංකඩ හන්දියෙන් වමට හැරී කළුතර හරහා ගාල්ල දෙසට ගමන් කළ හැකිය.

• ගාල්ල සිට කොළඹ දෙසට ගමන් ගන්නා රථවාහන කළුතර උතුර පොලිස් වසමේ වාඩිය මංකඩ හන්දියෙන් දකුණට ඇති මොරොන්තුඩුව මාර්ගයේ බණ්ඩාරගම දක්වා ගමන් කර බණ්ඩාරගම හන්දියෙන් වමට හැරී අළුබෝමුල්ල හරහා පානදුර දෙසට ගොස් පානදුර ඔරලෝසු කණුව හන්දියෙන් දකුණට හැරී කොළඹ දෙසට ගමන් කළ හැකිය.