නව ත්‍රස්ත විරෝධී පනතේ අවසන් කෙටුම්පත ලබන සතියේ
නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සඳහා පත්කළ විද්වත් කමිටුවේ අවසන් කෙටුම්පත ලබන සතියේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට භාර දීමට කටයුතු කරන බව එම කමිටුවේ සභාපති, ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න පවසයි.
අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරනු ලැබූ මෙම කමිටුව, පනත් කෙටුම්පතෙහි තවදුරටත් පවතින ගැටළුකාරී තැන් හඳුනා ගනිමින්, එය දෙවන වරටත් අධ්‍යයනය කිරීමේ කටයුතු කර මෙම සතිය තුළ අවසන් කිරීමට නියමිත බවයි අධිකරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
කමිටු සභාපතිවරයා සඳහන් කර ඇත්තේ, කමිටුව මෙම සතිය තුළ දෛනිකව රැස්වී අදාළ කටයුතු අවසන් කරන බවයි.
මෙම සාකච්ඡාව සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ නෙරින් පුල්ලේ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති ) පියමුන්ති පීරිස්, ජනාධිපති නීතිඥ සාලිය පිරිස් ඇතුළු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සහභාගි වී තිබුණා.