උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට කළ දැනුම්දීම....

Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination Sinhala news
By Hashini Apr 27, 2025 12:31 AM GMT
Hashini

Hashini

Report

 ඊයේ (26) පස්වරුවේ දී 2024 උසස් පෙළ ප්‍රතිපල නිකුත් විය.

ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන් සංඛ්‍යාව 177,588ක් වේ.

එය සමස්ත ප්‍රමාණයෙන් 64.43%කී. මේ සඳහා පාසල් අයදුම්කරුවන් 149,964ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 27,624ක් ද ඇතුළත් වේ.

මෙවර පැවැති එම උසස් පෙළ විභාගය සඳහා සමස්ත අයදුම්කරුවන් 247,361ක් දෙනෙකු පෙනී සිටියේ ය.

අද ඉවසිලිවන්තව සහ ප්‍රවේශම් සහගතව වැඩ කරන්න.... මේ ලග්න හිමියන් විශේෂයි.....

අද ඉවසිලිවන්තව සහ ප්‍රවේශම් සහගතව වැඩ කරන්න.... මේ ලග්න හිමියන් විශේෂයි.....

ඒ සඳහා පාසල් අයදුම්කරුවන් 222,774ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 51,587ක් ඇතුළත් විය.

එමෙන්ම, විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ පාසල්වල මුද්‍රිත විභාග ප්‍රතිඵල ලේඛන, විදුහල්පතිවරුන් වෙත නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු නිකුත් කරන බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ 2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා මැයි 02වනදා සිට අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවයි.

එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ https://onlineexams.gov.lk/eic යන සබැඳිය ඔස්සේ ඒ සඳහා අයදුම් කළ හැකි බවයි.

මැයි 16වනදා දක්වා ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය. 

සවස් කාලයේ ප්‍රබල අකුණු සහ තද සුළං....මේ ප්‍රදේශවල ජනතාව අවධානයෙන් ඉන්න......

සවස් කාලයේ ප්‍රබල අකුණු සහ තද සුළං....මේ ප්‍රදේශවල ජනතාව අවධානයෙන් ඉන්න......

ReeCha