සවස් කාලයේ ප්‍රබල අකුණු සහ තද සුළං....මේ ප්‍රදේශවල ජනතාව අවධානයෙන් ඉන්න......

Department of Meteorology TN Weather Weather Sinhala news
By Hashini Apr 27, 2025 12:02 AM GMT
Hashini

Hashini

Report

මේ දිනවල අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අනුව, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර පළාතේත් පුත්තලම, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.

එසේම මධ්‍යම, ඌව, නැගෙනහිර, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැක.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලබන්නේ,ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

අද ඉවසිලිවන්තව සහ ප්‍රවේශම් සහගතව වැඩ කරන්න.... මේ ලග්න හිමියන් විශේෂයි.....

අද ඉවසිලිවන්තව සහ ප්‍රවේශම් සහගතව වැඩ කරන්න.... මේ ලග්න හිමියන් විශේෂයි.....

ReeCha