කවුරුත් බලාපොරොත්තුවෙන් සිටින විභාගයක් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්..!

Report

නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්, අමිත් ජයසුන්දර මහතා දැනුම් දී ඇත්තේ, 2024 දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයේ අයදුම්පත් භාරගැනීම 2024.10.07 වන දින සිට 2024.10.21 දින දක්වා දීර්ඝ කර ඇති බවයි.

ඒ අනුව අදාළ අයදුම්පත්  www.doenets.lk යන වෙබ් අඩවියෙන් භාගත කරගැනීමට හා සියලූම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සලසා ඇත.

සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2024.10.21 වන දිනට පෙර විභාග කොමසාරිස් ජනරාල්, ආයතනික විභාග සංවිධාන ශාඛාව, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, තැ.පෙ 1503, කොළඹ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු වේ.

සියලු විමසීම් - 0112 785 230 / 0112 786 150