බැංකු පොලී අනුපාතිකය අඩුකිරිම ගැන විශේෂ නිවේදනයක්

By Sewvandhi Jun 01, 2023 09:18 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වාණිජ බැංකුවලින් ණය පොලිය අනුපාතිකය 2.5% කින් පහල තැබීමට තීරණය කළ බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරනවා.

මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ප්‍රතිපත්තිමය පොලී අනුපාතික අඩුකිරීමේ වාසිය බැංකු මගින් ජනතාවට සම්ප්‍රේෂණය කෙරෙතැයි අපේක්ෂා කෙරෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

බැංකු පොලී අඩුවුවහොත් නැවතත් ව්‍යාපාර සඳහා බැංකු මූල්‍ය පහසුකම් ලබාගැනීම වර්ධනය වී ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත්වෙතැයි ඔහු පැවසීය.