අස්වැසුම මුදල් වංචාකළ ප්‍රා.ලේ.කා. නිලධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්

Report

සැකකාර නිලධාරිනියන් දෙදෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා වෙන් කර තිබූ රුපියල් එක්කෝටි හැට දෙලක්ෂයක මුදලක් ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ ගිණුම්වලට බැර කරමින් මහා පරිමාණ මුදල් වංචාවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින අංශභාර නිලධාරිනියන් දෙදෙනා මෙම මස 25 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැටන් මහෙස්ත්‍රාත් පීටර් පෝල් මහතා අද (11) නියෝග කළේය.

මෙසේ යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම අංශය භාරව කටයුතු කළ හැටන් දික්ඔය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවක් සහ හැටන් දික්ඔය කාපෙක්ස් ජනපදයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවකි.

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත් මහතා විසින් හැටන් පොලිස් කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගැනුණු මෙම සැකකාරියන් දෙදෙනා, අගෝස්තු 01 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාරියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේ, සැකකාරියන් අදාළ වරද පිළිගන්නා බවත්, වංචා කළ මුදල් යළි අස්වැසුම ගිණුමට බැර කිරීමට එකඟ වන බැවින් ඕනෑම ඇප කොන්දේසියක් මත මොවුන් මුදාහරින ලෙසත්ය.

කෙසේ වෙතත්, අධිකරණය හමුවේ කරුණු දැක්වූ හැටන් කොට්ඨාස විමර්ශන ඒකකයේ නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම වංචාව සම්බන්ධයෙන් වන සම්පූර්ණ විගණන වාර්තාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මෙතෙක් ලැබී නොමැති බවයි.

එමෙන්ම මෙම සිදුවීමට කාර්යාලයේ තවත් නිලධාරීන් කිහිපදෙනෙකු සම්බන්ධ බවට ලැබී ඇති වැඩිදුර පැමිණිල්ල සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මක වන බැවින් සැකකාරියන්ට ඇප ලබාදීමට විරුද්ධ වන බව ඔවුහු පැවසූහ. දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත් පීටර් පෝල් මහතා අවධාරණය කළේ, අස්වැසුම යනු අසරණ දුප්පත් ජනතාව උදෙසා වෙන් කෙරෙන ප්‍රතිලාභයක් බවත්, රාජ්‍ය කාර්යාලයක වගකීම් දරන උගත් නිලධාරීන්ට එම මුදල් වංචා කිරීමට කිසිදු අයිතියක් නොමැති බවත්ය.

ඒ අනුව, සැකකාරියන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා මොවුන් නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. මේ අතර, මෙම සැකකාරියන් දෙදෙනාගේ සහෝදරයෙකු වන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ උසස් නිලයක් දරන නිලධාරියෙකුගේ ගිණුමකට ද වංචා කරන ලද මුදලින් කොටසක් බැර වී ඇති බවට අනාවරණය වී තිබේ.

පෙට්‍රල් , ඩීසල් සම්බන්ධයෙන් රජයෙන් සුවිශේෂී තීරණයක් - රජය මැදිහත් වී කරන්න යන දේ මෙන්න

පෙට්‍රල් , ඩීසල් සම්බන්ධයෙන් රජයෙන් සුවිශේෂී තීරණයක් - රජය මැදිහත් වී කරන්න යන දේ මෙන්න

ඒ සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට යටත්ව එම නිලධාරියාගේ වැඩ තාවකාලිකව තහනම් කිරීමට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පියවර ගෙන ඇත. අස්වැසුම මුදල් හිමි නොවූ ප්‍රදේශයේ අසරණ ප්‍රතිලාභීන් දිනපතා නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණ විමසීම් සිදු කරන අතර, එහිදී ඔවුන්ගේ තොරතුරු ලබාගනිමින් පරීක්ෂා කර පසුව දැනුම් දෙන බව පවසමින් නිලධාරීන් විසින් ඔවුන් ආපසු හරවා යැවීමට කටයුතු කරනු ලබයි.