අස්වැසුම නොලැබීමෙන් ප්‍රදේශයක්ම නොසන්සුන් වෙයි - පරික්ෂා කර බලා දැනුම්දෙන බවට නිලධාරීන්ගෙන් පොරොන්දුවක්
නෝර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය යටතේ අස්වැසුම අයදුම් කළ අයදුම්කරුවන් තමන්ට අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණ බව පවසමින් එය පරික්ෂා කර ගැනීමට නෝර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට පෝලිම්වල රැදී සිටි බව වාර්තා වේ.
ඒ අනුව වැඩිදුරටත් වාර්තා වූයේ නෝර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ රු. එක්කෝටි හැට දෙලක්ෂයක මුදල් වංචාවක් සිදු වීමත් සමඟ එම අස්වැසුම අයදුම්කරුවන් වසර 3ක් තිස්සේ තමන්ට කිසිදු ප්‍රතිලාභයක් නොලැබුණ බව සඳහන් කරමින් එම ගිණුම පරික්ෂා කර ගැනීමට ඊයේ (10) දින නෝර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටි බවයි.
එමෙන්ම එසේ පැමිණි අස්වැසුම ප්‍රතිලාභීන්ගේ තොරතුරු සහ දුරකථන අංකය ලබා ගත් නෝර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අස්වැසුම අංශයේ නිලධාරින්, එම අයදුම්පත පරික්ෂා කර බලා අයදුම්කරුවන් වෙත දැනුම්දිමට කටයුතු කරන බවට පැවසූ බව සඳහන්.