ශ්‍රී ලංකා යුධ හමුදාවට විරුද්ධව උතුරේ හර්තාල් - හේතුව අහලා බයත් හිතුනා

Sri Lanka Army Major Hartal In Sri Lanka Law and Order Latest Headlines Sinhala news
By Ashfa Aug 12, 2025 08:25 AM GMT
Ashfa

Ashfa

Report

උතුරු නැගෙනහිර ප්‍රදේශවල මේ මස 15 වන දින යුධ හමුදාවට එරෙහිව සිදු කරන හර්තාල් ව්‍යාපාරායට කදුරට ජනතා පෙරමුණේ පූර්ණ සහයොගය ලබා දෙන බව එම පක්ෂයේ නායක සහ දමිළ ප්‍රගතිශිලි සංධානයේ නියෝජ්‍ය නායක වි.රාධා ක්‍රිෂ්ණන් මහතා පවසයි.

බස් රථයක් සහ ලොරි රථයක් ගැටේ - 26ක් රෝහලට

බස් රථයක් සහ ලොරි රථයක් ගැටේ - 26ක් රෝහලට

ඒ අනුව උතුරු නැගෙනහිර සිදු කරන හර්තාල් ව්‍යාපාරයට ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය දක්වන බව දැනටමත් ප්‍රකාශ කර ඇති නිසා තම පක්ෂයේද සහයෝගය සහ වතුකරයේ ජනතාවගේ සහයෝගය ලබා නොදුන හොත් ගැටළුවක් වන නිසා තම පක්ෂයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.

"මහින්ද රාජපක්ෂ අනතුරේ - මාලිමා ආණ්ඩුව මහින්දගෙන් පලි ගන්නවා ඔහොම බාල තීන්දු ගන්න එපා" - නන්දන ගුණතිලක

"මහින්ද රාජපක්ෂ අනතුරේ - මාලිමා ආණ්ඩුව මහින්දගෙන් පලි ගන්නවා ඔහොම බාල තීන්දු ගන්න එපා" - නන්දන ගුණතිලක

ලංකා කම්කරු කොංග්‍රසය හර්තාල් ව්‍යාපාරය සදහා දක්වන සහයෝගයට සමානවම තම පක්ෂයේ සහයෝගයද ඒ සදහා ලබා දෙන බවයි කදුරට ජනතා පෙරමුණේ නායක පා.ම. වී රාධා ක්‍රිෂ්ණන් වැඩි දුරටත් කියා සිටියේ.

නැවතත් අතිශය භයානක රෝගයක් හිස ඔසවයි වැඩි ප්‍රමාණයක් දරුවන්

නැවතත් අතිශය භයානක රෝගයක් හිස ඔසවයි වැඩි ප්‍රමාණයක් දරුවන්

ඉකුත් 7 වන දින හමුදා ප්‍රහාරයක් හේතුවෙන් මිය ගිය බව කියන මුලතිව් ඔට්ටු සුඩාන් ප්‍රදේශයට අයත් මුත්තු අයන්කට්ටු ප්‍රදේශයේදි මියගියේ යැයි කියන අතිරාමන්නසිංහම් කපිල්රාජ් නම් (32) හැවිරිදි තරුණයාගේ සිරුර ඉකුත් 09 වන දින මුත්තු අයන්කට්ටු පොකුණක තිබී සොයා ගෙන ඇත.

එම සිදුවීමට තම විරෝධත්වය ඉලංගෙයි තමිල් අරුසු පක්ෂය උතුරු නැගෙනහිර ප්‍රදේශවල (15) දින හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර ඇති අතර, ඒ සදහා වතුකරයේ ජනතාව නියෝජනය කරන වෘත්තිය සමිති නායකයින්ගේද සහයෝගය ලබා දෙන ලෙස ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ නායකයින් විසින් ඉල්ලීමක් කර තිබුනි.