ගොවීන්ට සහනාධාර - රජයෙන් රුපියල් මිලියන 22.7ක සහනාධාර
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අනුබද්ධිත පොල් වගා කිරීමේ මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කරන “කප්තුරු සවිය” පරිවර්තනීය වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන “උතුරු පොල් ත්‍රිකෝණය” ජාතික වැඩසටහනේ තවත් විශේෂ අදියරක් ඊයේ (07) මුලතිව්, මුල්ලියවල ප්‍රදේශයේදී සාර්ථකව ක්‍රියාත්මක කර ඇත.
මෙහිදී සඳහන් වන්නේ උතුරු පළාතේ පොල් වගාව තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් ගොවීන් වෙත පොල් පැළ 3,000ක් බෙදා දීම සහ රුපියල් මිලියන 22.7ක සහනාධාර චෙක්පත් ප්‍රදානය කිරීම සිදු වී ඇති බවයි.
මෙම වැඩසටහන යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභී ගොවීන් 515 දෙනෙකු සඳහා පහත පරිදි සහනාධාර පිරිනමා තිබේ.
වැඩිදුරටත් සඳහන් වන්නේ ජල සම්පාදන පද්ධති ඉදිකිරීම: පොල් ඉඩම් සඳහා ජල සම්පාදන පද්ධති ඉදිකිරීම වෙනුවෙන් වගාකරුවන් 443 දෙනෙකුට සහනාධාර මෙන්ම විශේෂ පොල් ඉඩම් පුනරුත්ථාපන වැඩසටහන යටතේ තවත් වගාකරුවන් 72 දෙනෙකුට සහනාධාර ලබා දී ඇති බවයි.
2030 වසර වන විට ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 4,200ක් දක්වාත්, පොල් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් දක්වාත් ඉහළ නැංවීම රජයේ ජාතික ඉලක්කය වී තිබේ. පසුගිය වසරේ ආරම්භ කළ “උතුරු පොල් ත්‍රිකෝණය” ජාතික වැඩසටහන පේදුරුතුඩුව, සිලාවතුර සහ කෝකිලායි යන ප්‍රදේශ සම්බන්ධ කරමින් යාපනය, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්ක පහම ආවරණය වන පරිදි ක්‍රියාත්මකයි.