ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයෙන් සුභ ආරංචියක් - බස්නාහිර පළාතට විශේෂයි
හෙට (09) දින බස්නාහිර පළාත් ශාඛාව ආරම්භ කිරීමට නියමිතව බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. ඔවුන් පවසන්නේ දිවයිනේ වැඩිම ඛනිජ තෙල් බෙදුම්කරුවන් සංඛ්‍යාවක් බස්නාහිර පළාත නියෝජනය කරන බැවින් මෙම ශාඛාව කඩිනමින් පිහිටුවීම කටයුතු කළ බවයි.
තමා මුහුණ දෙන ගැටලුවලට මෙතෙක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් සාධාරණ විසඳුම් ලැබී නොමැති අතර, එම ගැටලුවලට විසඳුම් ලබා ගැනීමේ අරමුණින් මෙම සංගමය පිහිටවන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ පවසයි.
කුරුණෑගල සහ යාපනය යන දිස්ත්‍රික්ක හැරුණු විට අනෙකුත් සියලුම දිස්ත්‍රික්කයන්හි මේ වන විටත් මෙම සංගමයේ ප්‍රාදේශීය ශාඛා පිහිටුවා ඇත.
කෙසේවෙතත් ඉදිරියේදී එම දිස්ත්‍රික්ක ද්විත්වය ද කේන්ද්‍ර කරගනිමින් ශාඛා පිහිටුවීමට කටයුතු කරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටී.