අද රටේම කාලගුණය වෙනස් වෙයි - විශේෂයෙන් මේ පැති වල ජනතාව ප්‍රවේශම් වෙන්න

Report

ඌව පළාතේ සහ මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

උතුරු-මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව සඳහන්ය. 

කොළඹට සුභ ආරංචියක් - ලබන සැප්තැම්බර් මාසයේ සිට ලැබෙන්න යන තෑග්ගක්

කොළඹට සුභ ආරංචියක් - ලබන සැප්තැම්බර් මාසයේ සිට ලැබෙන්න යන තෑග්ගක්