ඊසානදිග මෝසම් තත්ත්වයෙන් ඉදිරි දින කිහිපයේ කාලගුණය ගැන නිවේදනයක්
ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වීමට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (02) නිවේදනය කළේය.
ඒ අනුව, දෙසැම්බර් 04 වැනිදා සිට උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ පැහැදිලි වැඩිවීමක් ඇති වනු ඇතැයි දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.
මහජනතාව දැනුවත්ව සිටීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙම කාලපරිච්ඡේදය තුළ නිකුත් කරන ඉදිරි කාලගුණ අනාවැකි සහ විශේෂ නිවේදන කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටී.